විදේශීය සමාගම්වලට ඉන්ධන පිරවුම්හල් 450ක්

නව සැපයුම්කරුවන්ට ලබාදීමට නියමිත ඉන්ධන පිරවුම්හල්වල හිමිකරුවන් සහ කළමනාකාරීත්වයේ පළමු කණ්ඩායම් දෙක සමඟ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

අද පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවති බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ.

ඉන්ධන පිරවුම්හල් 450ක් 150 බැගින් වූ කණ්ඩායම් 3කට වර්ග කර ඇති අතර, ඒවා නව විදේශීය ඉන්ධන සේවා ක්‍රියාකරුවන්ට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

නව සමාගම් සමග ගිවිසුම්ගත වීමෙන් ඉන්ධන හල් හිමියන්ට මෙන්ම සමස්ථ ඉන්ධන පාරිභෝගිකයන්ට ඇතිවන සුබදායි ප්‍රතිඵල පිළිබඳව ඔවුන්ව දැනුවත් කළ බව ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම, ඉන්ධන පිරවුම්හල් කාණ්ඩ වෙනුවෙන් තෝරා ගත් ක්‍රමවේදය, නව සමාගම් සමග එක්වන ඉන්ධනහල්වල ගිවිසුම්, ලාභාංශ බෙදීයාම්, QR ක්‍රමවේදයේ ඉදිරි පියවර, ඉන්ධන මිල සූත්‍රය, මිල පාලනය හා නියාමනය, නව ඉන්ධන හල් බලපත්‍ර සම්බන්ධයෙන් ඇති වැරැදි මත වැනි කරුණු සම්බන්ධයෙන් ඉන්ධනහල් හිමියන් ගේ ගැටළුවලට පිළිතුරු ලබාදීමට ද හැකියාව ලැබුණු බව ඇමතිවරයා සඳහන් කර තිබෙනවා.

චීනයේ සිනොපෙක්, යුනයිටඩ් පෙට්‍රෝලියම් ඔෆ් ඔස්ට්‍රේලියා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්එම් පාර්ක්ස් ෂෙල් පීඑල්සී ශ්‍රී ලංකාවේ ඉන්ධන සිල්ලර වෙළඳපොළට එක් වීමට නියමිත බව රජය පසුගිය අප්‍රේල් මාසයේදී ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි මෙම සාකච්ඡා පැවැත් වෙන්නේ.

ඔවුන්ට ශ්‍රී ලංකාව තුළ ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ බෙදා හැරීම සඳහා වසර 20ක වලංගු බලපත්‍රයක් ලබා දෙන අතර, මෙම යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ට CPC ඉන්ධන පිරවුම්හල් 150ක් ද ලබා දෙන බව වාර්තා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
1
+1
9
+1
3
+1
1
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23