AFC Banner
Empty Ad
Empty Ad

බිත්තර වැඩි මිලට වික්කාට ලැබුනු හොඳම දඬුවම

ගැසට් කරන ලද  මිලට වඩා රුපියල්  9 ක් වැඩිපුර බිත්තරයකින් අය කර විකුණමින් සිටි පිළියන්දල මොරටුව පාරේ වෙළෙන්දෙකුට එරෙහිව නීති මගින් කටයුතු  කර එහි තිබූ  බිත්තර තොගය නියමිත මිලට පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට  පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් අංශයේ  නිලධාරීන්  වෙළෙන්දා වෙත නියෝග කර තිබෙනවා.

වෙළඳසැලේ දොර වසා  අධික මිල ගණන්වලට බිත්තර අලෙවි කරන බවට පාරිභෝගික අධිකාරියට දිගින් දිගටම ලද පැමිණිලි අනුව වැටලීම සිදුකර තිබෙනවා.

වැටලීම සිදුකරන අවස්ථාවේදී වෙළඳසැල තුල බිත්තර 3120 ක්  පෙට්ටි 12ක් තිබූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

එම බිත්තර ගැසට් කරන ලද නියමිත මිලට එනම් රුපියල් හතලිස් හතර බැගින් අලෙවි කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් නිලධාරීන් විසින් වෙළෙන්දාට නියෝග කළ අතර ඒ අනුව එම අවස්ථාවේදීම පාරිභෝගිකයන් විශාල පිරිසක් පැමිණ බිත්තර මිල දී ගන්නා අයුරු දක්නට ලැබුනු බවයි අප වාර්තාකරැ පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?