ඉන්දීය මහ කොමසාරිස් මහ නාහිමිවරුන් හමුවෙයි (ඡායාරූප)

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් හමුවී ආශීර්වාද ලබාගෙන තිබෙනවා.

මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ ගෝපාල් බග්ලේ මහතා මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් හමු වී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජනතාව සහ ඔවුන් අතර පවතින සහෝදර බැඳීම් වෙනුවෙන් ආශිර්වාද ලබා ගත් බවයි.

පසුගිය 20 වනදා ඉන්දියාවේ නව දිල්ලි නුවරදී 2023 ගෝලීය බෞද්ධ සමුළුවේ සමාරම්භක දේශනය සිදුකරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළ පරිදි බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුව සැමගේ සුබ සිද්ධිය සඳහා ඔහු යටතේ ඉන්දියාව විසින් ගෙන ඇති පියවර අගය කිරීම සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරයා නා හිමිවරු දෙපළට ස්තුතිය පළ කර තිබෙනවා.

එමෙන්ම මෙම හමුවේදී සංස්කෘතික ක්ෂේත්‍රය තුළ වඩා ශක්තිමත් සහයෝගීතාවයක් සහ දෙරටෙහිම ජනතාව වෙනුවෙන් ඉහළ සම්බන්ධකතාවයක් පවත්වාගෙන යාමේ ප්‍රතිලාභ ද සාකච්ඡා කළ බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40
Video thumbnail
බීරි අලින්ට හෝන් ගැසීම..කිසි ගානක් නැතුව තමගේ පාඩුවේ යන හැටි
00:44
Video thumbnail
සජිත් කරාපිටිය රෝහල ගැන හෙළිකරපු දේ..මේ සත්‍ය දත්ත මත මම කිව්වේ..සාක්ෂි තියෙනවා
05:11
Video thumbnail
දිවුරුම් ප්‍රකාශ දුන් අය නිසා ජනපතිට යකා නගියි..එහෙම ඉන්න බෑ..ඉවත් කරන්න ඕනි අවදානම් තැන්වලින්
08:19