උද්ධමනයේ වෙනසක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ මෙරට මතුපිට උද්ධමනය (Headline Inflation) සියයට 49.2%ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය පෙබරවාරී මාසයේ එය පැවතුණේ උද්ධමනය සියයට 53.6%ක් ලෙසටයි.

පෙබරවාරි මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 49.0% ක් වූ අතර එය මාර්තු මාසයේ 42.3% දක්වා පහත බැස තිබෙනවා.

ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය පෙබරවාරි මාසයේ පැවතුණේ 57.4%ක් ලෙසට වන අතර එය මාර්තු මාසයේදී 54.9%ක් දක්වා පහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මාර්තු මාසයේ වාර්තා වූ උද්ධමනය මාස 10කට ආසන්න කාලයකට පසු වාර්තා වූ අඩුම උද්ධමන අගය වීම විශේෂත්වයක්.

ආහාර කාණ්ඩය සැළකූවිට එළවළු, හාල්, අළුත් මාළු, රතුළූණු, ලොකුළුෑණු, මයිසූර් පරිප්පු, අර්තාපල්, වියළි මිරිස්, කරවල, පාන් (සාමාන්‍ය), මිරිස්කුඩු, සීනි, කුකුළු මස්, බනිස්, තිරිඟු පිටි, කහ කුඩු, කවුපි, සුදුළූණු සහ නූඩ්ල්ස් යන ආහාර ද්‍රව්‍යවල මිලෙහි අඩුවීමක් ප්‍රධාන වශයෙන් වාර්තා වී තිබෙනවා.

එහෙත් අළුත් පළතුරු, පොල්, බිත්තර, පොල්තෙල්, අමු මිරිස්, තේ කොළ/කුඩු, මුං ඇට,ඉඟුරු, සෝයාමීට් හා සහල් පිටි යන ආහාර ද්‍රව්‍යවල මිලෙහි වැඩිවීමක් වාර්තා වී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

ආහාර නොවන කාණ්ඩයේ දර්ශක අගය වැඩිවීම සඳහා ‘රෙදිපිළි හා පාවහන්’, ‘නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන’ (විදුලි බිල හා ගෑස්) යන කාණ්ඩවලට අයත් අයිතමයන්ගේ මිල වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.

එහෙත් ‘ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු’ (රෙදි සෝදන සබන් වර්ග), ‘ප්‍රවාහන’ (පෙට්‍රල්, ඩීසල් සහ බස් ගාස්තු), ‘ආපනශාලා සහ හෝටල්’ , ‘විවිධ භාණ්ඩ හා සේවා (සුවඳ සබන් වර්ග)’ යන කාණ්ඩවලට අයත් අයිතමයන්ගේ මිලෙහි අඩුවීමක් වාර්තා වී ඇතැයි සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26