අලුත් සහල් මංගල්‍යයට සහල් රැස් කිරීම අද සහ හෙට

2022/23 මහ කන්නයේ දී ලද අස්වැන්නෙන් පළමු කොටස ශ්‍රී මහා බෝධින්වහන්සේ උදෙසා පිරිනැමීමට වාර්ෂිකව පවත්වනු ලබන අලුත් සහල් මංගල්‍යය මෙවරත් අප්‍රේල් මස 01 හා 02 දෙදින තුළ අනුරාධපුර ජය ශ්‍රි මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය හා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කටයුතු සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව අලුත් සහල් මංගල්‍යය සඳහා ගොවි ජනතාවගෙන් අලුත් සහල් එක්රැස් කිරීමේ වැඩසටහන් රැසක් දිස්ත්‍රික්ක 24 තුළ අද හා හෙට ස්ථාන 24ක දී සිදු කිරීමටයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත්තේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහල් එක්රැස් කිරීම හෙට (25) පෙරවරුවේ ලුනම ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා.

2023 අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 02 වනදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු මැතිඇමැතිවරුන් මෙන්ම ගොවි ජනතාවගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12