ටෙස්ට් තරගාවලිය අහිමි වූ වෝනර් යළි ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් හට ඉන්දියාව සමඟ ඉදිරි ටෙස්ට් තරග දෙක අහිමිව ගොස් තිබෙනවා.

වැලමිටේ ආබාධයක් හේතුවෙන් මෙලෙස ඉදිරි ටෙස්ට් තරග දෙක ඔහුට අහිමිව යන බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ, අනුව ඔහු යළි ඕස්ට්‍රේලියාව බලා පියාසර කරන අතර, පසුව පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා වෝනර් යළි ඉන්දියාව බලා පැමිණීමට අපේක්ෂා කරන බවයි වාර්තා වුණේ.

දිල්ලි හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් වෝනර්ගේ වම් වැලමිටේ වැදීම හේතුවෙන් ඔහු අබාධයට ලක්වුණා.

වෙනර්ගේ ඉවත්වීමෙන් පසු ඉදිරි තරග දෙක තුළ දී ඕස්ට්‍රේලියානු පිළේ ආරම්භක පිතිකරු ලෙස උස්මාන් කවාජා සමඟ ට්‍රැවිස් හෙඩ් ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ අතර වෙනර්ගේ ආරම්භක පිතිකරු භුමිකාවේ වගකීම ට්‍රැවිස් හෙඩ්ට පැවරුව ද වෝනර් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කැඳවීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තුන්වන තරගය මාර්තු 01 වනදා ඉන්දෝර් හිදී ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56