ටෙස්ට් තරගාවලිය අහිමි වූ වෝනර් යළි ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් හට ඉන්දියාව සමඟ ඉදිරි ටෙස්ට් තරග දෙක අහිමිව ගොස් තිබෙනවා.

වැලමිටේ ආබාධයක් හේතුවෙන් මෙලෙස ඉදිරි ටෙස්ට් තරග දෙක ඔහුට අහිමිව යන බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ, අනුව ඔහු යළි ඕස්ට්‍රේලියාව බලා පියාසර කරන අතර, පසුව පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා වෝනර් යළි ඉන්දියාව බලා පැමිණීමට අපේක්ෂා කරන බවයි වාර්තා වුණේ.

දිල්ලි හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් වෝනර්ගේ වම් වැලමිටේ වැදීම හේතුවෙන් ඔහු අබාධයට ලක්වුණා.

වෙනර්ගේ ඉවත්වීමෙන් පසු ඉදිරි තරග දෙක තුළ දී ඕස්ට්‍රේලියානු පිළේ ආරම්භක පිතිකරු ලෙස උස්මාන් කවාජා සමඟ ට්‍රැවිස් හෙඩ් ක්‍රීඩා කිරීමට නියමිතයි.

මේ අතර වෙනර්ගේ ආරම්භක පිතිකරු භුමිකාවේ වගකීම ට්‍රැවිස් හෙඩ්ට පැවරුව ද වෝනර් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කැඳවීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තුන්වන තරගය මාර්තු 01 වනදා ඉන්දෝර් හිදී ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46