ශ්‍රී ලංකාවේ මිලියන 7කට මානුෂීය සහන අවශ්‍ය බව යුනිසෙෆ් කියයි

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් තවමත් මිලියන 7ක ජනතාවකට මානුෂීය සහාය අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නවතම වාර්තාව පෙන්වා දී තිබෙනවා.

ඖෂධ හිඟය, ආහාර අනාරක්ෂිතභාවය, ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොමැති වීම සහ දීර්ඝ විදුලි කප්පාදු හේතුවෙන් ළමුන් සඳහා අත්‍යාවශ්‍ය සේවා වන සෞඛ්‍ය, අධ්‍යාපන සහ පෝෂණ සේවාවලට බලපෑම් එල්ල වී ඇති බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

2022 වසරේ ශ්‍රී ලංකාවේ ළමුන් 56000ක් උග්‍ර පෝෂණ ඌනතා වලින් පෙළෙන බවට ඇස්තමේන්තු කළ අතර ළමුන් 18420ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවට ඇස්තමේන්තු කළ බවත් එම වාර්තාවේ දැක්වෙනවා.

ඖෂධ හිඟය, ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොමැති වීම සහ විදුලි කප්පාදුව රෝහල් වල සායන ප්‍රතිකාර සහ ශල්‍යකර්මවලට බලපෑමක් එල්ල කර ඇතැයි එම වාර්තාවේ සඳහන්.

සෞඛ්‍ය, පෝෂණය, අධ්‍යාපනය වැනි දරුවන්ගේ අත්‍යාවශ්‍ය සේවාවන්ට ඖෂධ හිඟය, ආහාර අනාරක්‍ෂිතභාවය, ඉන්ධන හිඟය සහ දීර්ඝ විදුලිය විසන්ධි කිරීම නිසා දැඩි බලපෑම් එල්ල වී ඇති බව එමගින් පෙන්වා දෙනවා.

UNICEF සංවිධානය ප්‍රකාශ කළේ මානුෂීය මැදිහත්වීම් හරහා 2022 වසරේ දී ළමුන් 750,000ක් ඇතුළුව මිලියන 1.3කට අධික ජනතාවක් වෙත සහන ලබාදුන් බවයි.

එමෙන්ම UNICEF මැදිහත්වීම් හරහා නාගරික ප්‍රදේශවල 800,000කට අධික පිරිසකට සුරක්ෂිත පානීය ජලය සඳහා අවස්ථා සලසා දී තිබෙනවා.

ඊට අමතරව ග්‍රාමීය සහ වතු ප්‍රදේශවල ළමුන් 285,403කට අධ්‍යාපනික ද්‍රව්‍ය ලබා දී ඇති අතර මානසික සෞඛ්‍ය සහ මනෝ සමාජීය ආධාර සේවාවලින් ප්‍රතිලාභ ලැබූ නව යොවුන් වියේ දරුවන් සංඛ්‍යාව 205,000ක්.

UNICEF සංවිධානය සඳහන් කළේ 2022 දී කොළඹ නාගරික බල ප්‍රදේශයේ මාස තුනක කාලයක් සඳහා කුඩා දරුවන් සිටින මව්වරුන් 3,010 දක්වා සහනාධාර ලබාදුන් අතර, පවතින තත්වය මත එය මෙම වසරේදී 110,000 දක්වා ඉහළ නංවන බවයි.

UNICEF සංවිධානයේ සංඛ්‍යා දත්ත පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික තත්වය මත මානුෂීය ආධාර අවශ්‍ය ළමුන් මිලියන 2.3ක් වන බවයි.

එමෙන්ම මිලියන 5.7ක ජනතාවකට සහන අවශ්‍ය වන අතර වයස අවුරුදු 5ට අඩු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 56,000කට හදිසි ප්‍රතිකාර අවශ්‍ය බවද සඳහන්.

මිලියන 4.8 ක දරුවන්ට බාධාවකින් තොරව අධ්‍යාපනය සඳහා ප්‍රවේශය අවශ්‍ය බවයි UNICEF සංවිධානයේ සංඛ්‍යා දත්ත පෙන්වා දෙන්නේ.

UNICEF


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14