අධිවේගයේ බස්වල යන අයට ගාස්තු ගෙවන්න පෙරගෙවුම් කාඩ්පතක්

දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරන බස් මගීන් සඳහා පෙරගෙවුම් කාඩ්පත් නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතිය ඊයේ ආරම්භ කෙරුණා.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී යි මගීන්ට පොදු ප්‍රවාහනය සඳහා පෙරගෙවුම් කාඩ්පත් නිකුත් කරනු ලැබුවේ.

මෙම පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමය ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) සමඟ එක්ව හඳුන්වා දී තිබෙනවා.

බස් රථ සඳහා පෙරගෙවුම් කාඩ්පත් මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහායි නිකුත් කෙරෙන්නේ.

මෙම පෙරගෙවුම් කාඩ්පත් රීලෝඩ් කිරීම අදාළ බැංකුවල CDM යන්ත්‍ර හරහා ක්ෂණිකව සහ පහසු ලෙස සිදු කිරීමේ හැකියාව පවතිනවා.

වැඩසටහනේ පළමු අදියර යටතේ නොමිලේ කාඩ්පත් නිකුත් කිරීමට ද බැංකු කටයුතු කරනු ඇති.

පෙරගෙවුම් කාඩ්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය අදාළ මූල්‍ය ආයතන සමඟ ඊයේ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව අමාත්‍යාංශ ලේකම් එම්.එම්.කේ.මායාදුන්නේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා.

බස් මගීන් සඳහා මුලින්ම හඳුන්වා දෙන මෙම කාඩ්පත් ක්‍රමය පසුව දුම්රිය මගීන් සඳහාද හඳුන්වා දීමටයි සැලසුම් කර ඇත්තේ.

ප්‍රවාහන අමාත්‍යාංශය ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව මෙම වැඩසටහන රට පුරා ව්‍යාප්ත කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59