spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පිරිසිදු වෙරළක් හා යහපත් සාගර කලාපයක් ජර්මනියෙන් කල්පිටියට උදව්වක් (ඡායාරූප)

එක්සත් ජාතින්ගේ තිරසර සංවර්ධන දශකයට සමගාමීව පිරිසිදු වෙරළක් හා යහපත් සාගර කලාපයක් අනාගතයට භාර කිරීමේ අරමුණින් කල්පිටිය ප්‍රාදේශීය සභාව හා ජර්මනියේ බර්ලීන් අගනුවර චාල්ස්ටන් නගරයේ චාල්ස්ටන්බග් විල්ස්ම ඩ්‍රොප් නගර සභාව එකාබද්දව සිදු කරනු ලබන විශේෂ ව්‍යාපෘතියේ වැඩසටහනක් ඉකුත් දින කිහිපය තුළදී කල්පිටියේදී පැවැත්විණි.

මීට වසර 04 කට පමණ පෙර කල්පිටිය ප්‍රදේශයේ සභාවේ නියෝජිතයින් හා තෝරා ගත් පාසැල් වල ගුරුවරුන් පිරිසක් ජර්මනියේ බර්ලීන් නගරයේ සංචාරයකින් පසුව විශේෂ වැඩසටහනකින් මෙය ආරම්භ කර තිබෙනවා.

මෙම වැඩසටහන යටතේ ප්ලාස්ටික් වලින් තොර මුහුදක් නිර්මාණය කිරීම කසල කළමණාකාර පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති අතර එහිදී විවිධ නිර්ණායක ඔස්සේ විශේෂ අධ්‍යාපන ක්‍රමයක් ( Education tool ) යටතේ කල්පිටිය නගරය ආශ්‍රිතව තොරාගත් පාසැල් දරුවන් විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ දරුවන් මේ සදහා යොදා ගැනීම තුලින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව කල්පිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් රාමනායක සඳහන් කරයි.

මෙයට සම්බන්ධ ජර්මනියේ බර්ලීන් අගනුවර චාල්ස්ටන් නගරයේ චාල්ස්ටන් බග් විල්ස්ම ඩ්‍රොප් නගර සභාව නියෝජනය කරමින් කල්පිටියට පැමිණි නියෝජිතයින පිරිසක් ඉකුත් දින තුනක කාලයක් පාසැල් දරුවන් මේ වෙනුවෙන් කල විවිධ ඉදිරිපත් කිරීම් හා ප්‍රදර්ශණ නැරඹීම හා නිළධාරින් දැනුවත් කිරීම , වෙරළ තීරය පිරිසිදු කිරීම , කඩොලාන පැළ රෝපණ කිරීමට එක් විය.

මෙම අවස්ථාවට මෙම ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක කල්පිටිය ප්‍රදේශීය සභාවේ උප සභාපති විජිත ප්‍රනාන්දු , කල්පිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් රාමනායක මහතා ව්‍යාපෘති නිර්මාතෘ කළමණාකරු දිල්සිරි වැලිකල , ජර්මනියේ බර්ලීන් අගනුවර චාල්ස්ටන් නගරයේ චාල්ස්ටන් බග් විල්ස්ම ඩ්‍රොප් නගර සභාව නියෝජනය කරමින් පැමිණි Oliver Schruoffeneger (district councellor Charlottenburg-Wilmersdorf) Svenja Arenz (team education for sustainable development /district Charlottenburg-Wilmersdorf) ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?