පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවකු රිමාන්ඩ්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට තොරතුරු දැනගෙන එය පොලිසියට වසන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින එම ප්‍රහාරයට සම්බන්ධ වූ ඉන්සාෆ් අහමඩ් හා ඉල්හාම් අහමඩ් නැමති මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනාගේ සොහොයුරා වන මොහොමඩ් ඊබ්‍රහිම් ඉස්මයිල් නැමැත්තා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසිනුයි නියෝගය.

විත්තිකරු වසර තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හෙයින් ඔහු ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරු ඉල්ලීම් කර තිබුණා.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස දෙමටගොඩ ,මහවිල උද්‍යානයේ පදිංචිව සිටින අදාළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනාගේ පියා වන මොහොමඩ් ඊබ්‍රහිම් සහ ඔහුගේ පුත්‍රයකු ද නම් කර සිටිනවා.

ඔවුන් දෙදෙනා මේ වන විට අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබෙනවා.

නීතිඥවරුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා නියෝග කළේ සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

  1. ISSELLA DANNA ONA MEDIA WALATA AWITH OKA PARAM BEWA HARIN FERNANDO WA. EYI EKKAMA MEKA KALIN DANUM DEELATH KISIMA DEYAK NOKALA, POLICIYE SAHA BUDHDHI ANSHA AYATA. MEKA DENA DENA BORU HEHU DAGENA SINGAPORE GIYA CASE EKA GIYA DAWASE PAMANAK ASADHAYAYI KIYALA MOUNT ELIZABETH HOSPITAL EKATA ADMIT WELA KISIMA CALL EKAKATA REPLY NOKALA GON BURU SIRA TA. ASADHYAYI KIYANA EKA PAHUWENIDHA ANDHEN BEHELA ENA CALL OKKOTAMA ANSWER KARANAWA. OHOMA EKA DAWASE UNA API ISKOLE YANA KALETH DAN OFFICE WALA NIWADU GANNATH USE KARANWA. EKA NISA PI DANNAWA KALA BORUWA. RANIL LOKKA OKA DENAGENA SECURITY MEETHING CALL KALATH YANNA EPA KIYALA WARN KALA SIRA SAHA RANIL ETHANIN EHATA KISIMA DEYAK NOKALA NISA EYAWATH.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15