වැලිකඩ බන්ධනාගාරය තුළදී මරණීය දණ්ඩනය නියම වූ රැඳවියෙකු තවත් රැඳවියකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කර ඇතැයි වාර්තා වනවා.
අපයෝජනයට ලක්වූ රැඳවියා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි සඳහන්.
වැලිකඩ බන්ධනාගාරයේ එල් වාට්ටුවේ වැසිකිළියක් තුළදී පුද්ගල ඝාතන සිද්ධියකට මරණීය දණ්ඩනය නියමව සිටින රැඳවියා දූෂණ චෝදනාවකට වසර 6ක සිර දඬුවම් විදින රැඳවියෙකුට මෙලෙස ලිංගික අපයෝජනය කර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
එම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් බොරැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුවයි විමර්ශන ආරම්භ වී ඇත්තේ.
29 හැවිරිදි රැඳවියා ශාරීරික අවශ්‍යතාවයක් සඳහා වැසිකිළියට ගිය අවස්ථාවේදී ඒ තුළට බලහත්කාරයෙන් කඩා වැදුණු 52 හැවිරිදි රැඳවියා 29 හැවිරිදි රැඳවියා ගේ කට වසා ලිංගික අපචාරය සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරනවා.
ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බොරැල්ල පොලිසිය එම අපචාර සිද්ධිය ඇසින් දුටු බව කියන 45 හැවිරිදි රැඳවියකුගේ ප්‍රකාශ මෙන්ම ලිංගික අතවරයට පත්වූ රැඳවියාගේ ප්‍රකාශ සහ අතවරය සිදුකල රැඳවියාගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.














GODAK RATAWAL ELLALA MARANAWA, WIDLI PUTUWA SAHA WASA ENNATH KARALA MARANAWA. APE RATEYI WITHARAK EKA KRIYATHMAKA KARANNA NODHEE THARJANAYA DAGENA INNE BATAHIRA RATAWAL, JAPANAYA, USA SAHA EWA HARHA KRIYATHMAKA MUSALA MANAWA HIMIKAM SANWIDHANA. INNA SET EKA DIGATAA ELLALA DAMMA NAM HEMA HIRA GEAYAKA DEATH CELL EMPTY WENAWA WAGEMA API NOKA NOBEE BOHOMA AMARUWEN INNA WELAWE APIWA NOMARA AMRALA APE BALAHATHKARAYEN UDURA GANNA BADHU SALLITH ITHIRI WENAWA. HITHALA BALAPALLA GON RELA