වැලිකඩ බන්ධනාගාරය තුළ මහ දවාලේ ලිංගික අතවරයක්

වැලිකඩ බන්ධනාගාරය තුළදී මරණීය දණ්ඩනය නියම වූ රැඳවියෙකු තවත් රැඳවියකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කර ඇතැයි වාර්තා වනවා.

අපයෝජනයට ලක්වූ රැඳවියා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි සඳහන්.

වැලිකඩ බන්ධනාගාරයේ එල් වාට්ටුවේ වැසිකිළියක් තුළදී පුද්ගල ඝාතන සිද්ධියකට මරණීය දණ්ඩනය නියමව සිටින රැඳවියා දූෂණ චෝදනාවකට වසර 6ක සිර දඬුවම් විදින රැඳවියෙකුට මෙලෙස ලිංගික අපයෝජනය කර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් බොරැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුවයි විමර්ශන ආරම්භ වී ඇත්තේ.

29 හැවිරිදි රැඳවියා ශාරීරික අවශ්‍යතාවයක් සඳහා වැසිකිළියට ගිය අවස්ථාවේදී ඒ තුළට බලහත්කාරයෙන් කඩා වැදුණු 52 හැවිරිදි රැඳවියා 29 හැවිරිදි රැඳවියා ගේ කට වසා ලිංගික අපචාරය සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බොරැල්ල පොලිසිය එම අපචාර සිද්ධිය ඇසින් දුටු බව කියන 45 හැවිරිදි රැඳවියකුගේ ප්‍රකාශ මෙන්ම ලිංගික අතවරයට පත්වූ රැඳවියාගේ ප්‍රකාශ සහ අතවරය සිදුකල රැඳවියාගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

  1. GODAK RATAWAL ELLALA MARANAWA, WIDLI PUTUWA SAHA WASA ENNATH KARALA MARANAWA. APE RATEYI WITHARAK EKA KRIYATHMAKA KARANNA NODHEE THARJANAYA DAGENA INNE BATAHIRA RATAWAL, JAPANAYA, USA SAHA EWA HARHA KRIYATHMAKA MUSALA MANAWA HIMIKAM SANWIDHANA. INNA SET EKA DIGATAA ELLALA DAMMA NAM HEMA HIRA GEAYAKA DEATH CELL EMPTY WENAWA WAGEMA API NOKA NOBEE BOHOMA AMARUWEN INNA WELAWE APIWA NOMARA AMRALA APE BALAHATHKARAYEN UDURA GANNA BADHU SALLITH ITHIRI WENAWA. HITHALA BALAPALLA GON RELA



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ආයතනය ලංකාවේ ආර්ථිකයට ලොකු ශක්තියක් ලබා දෙනවා - මම අගය කරනවා
01:40
Video thumbnail
තිලීපන්ගේ පිළිරූව අයින් කළාට පස්සේ වුණ දේ..
01:25
Video thumbnail
හිමිනමක් මාලිමා වේදිකාවේ සැරටම කිව්ව දේ - පිරිසිදු හිත් ඇතිවෙන ජනතාව නිර්මාණය වෙනවා
08:32
Video thumbnail
159ම ලස්සන වෙලා, පොහොසත් වෙලා
09:18
Video thumbnail
තිලීපන්ගේ පිළිමය අරගෙන ගියාම ප්‍රශ්නය ඉවරද ?එදා ආණ්ඩුවේ අයත් තිලීපන් සැමරුමේ හිටියා ?
02:20
Video thumbnail
75 හැවිරිදි සිව්දරු පියාට අත්වූ ඛේදනීය ඉරණම - වැව් ඉස්මත්තේ තියෙනවා අලින්ට ඉන්න බෝඩිමක්
03:15
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50