spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැලිකඩ බන්ධනාගාරය තුළ මහ දවාලේ ලිංගික අතවරයක්

වැලිකඩ බන්ධනාගාරය තුළදී මරණීය දණ්ඩනය නියම වූ රැඳවියෙකු තවත් රැඳවියකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කර ඇතැයි වාර්තා වනවා.

අපයෝජනයට ලක්වූ රැඳවියා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි සඳහන්.

වැලිකඩ බන්ධනාගාරයේ එල් වාට්ටුවේ වැසිකිළියක් තුළදී පුද්ගල ඝාතන සිද්ධියකට මරණීය දණ්ඩනය නියමව සිටින රැඳවියා දූෂණ චෝදනාවකට වසර 6ක සිර දඬුවම් විදින රැඳවියෙකුට මෙලෙස ලිංගික අපයෝජනය කර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් බොරැල්ල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුවයි විමර්ශන ආරම්භ වී ඇත්තේ.

29 හැවිරිදි රැඳවියා ශාරීරික අවශ්‍යතාවයක් සඳහා වැසිකිළියට ගිය අවස්ථාවේදී ඒ තුළට බලහත්කාරයෙන් කඩා වැදුණු 52 හැවිරිදි රැඳවියා 29 හැවිරිදි රැඳවියා ගේ කට වසා ලිංගික අපචාරය සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බොරැල්ල පොලිසිය එම අපචාර සිද්ධිය ඇසින් දුටු බව කියන 45 හැවිරිදි රැඳවියකුගේ ප්‍රකාශ මෙන්ම ලිංගික අතවරයට පත්වූ රැඳවියාගේ ප්‍රකාශ සහ අතවරය සිදුකල රැඳවියාගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?