විල්පත්තුව ජාතික වනෝද්‍යානයට මායිම්ව පාරක්කඩුවැව ප්‍රදේශයේ අතහැර දමා තිබූ හේනක වගා ළිඳකට වැටි සිටි වන අලින් හතර දෙනෙකු සොයාගෙන තිබෙනවා.
ඊයේ (22) දිනයේ බැකෝ යන්ත්‍රයක් රැගෙනවිත් වගා ළිඳේ වැටී සිටි අලිරංචුව ගොඩගෙන විල්පත්තුව රක්ෂිතයට පලවාහැර තිබෙන අතර මෙම සතුන් අතර කුඩා වන අලි පැටවෙකුද සිටි බවයි වාර්තා වෙන්නේ.
මෙම වන අලින් මුදාගැනීම සඳහා විල්පත්තුව පාරක්කඩුවැව වනජීවි නිලධාරීන් හා කුකුල් කටූව බීට්ටු වනජීවි නිලධාරීන් ද එක්ව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5