මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවූ සිද්ධිය CIDයට

මත්පැන් බෝතල්වල අලවන ලද ව්‍යාජ ස්ටිකර් පිළිබඳ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මූලික වාර්තාව තමන් වෙත ලැබී ඇති අතර, ඒ අනුව නීතිමය ක්‍රියා මාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද මුදල් අමාත්‍යංශයේ දී මාධ්‍ය වෙත කරුණු දක්වමින්.

මෙහිදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ,,

මත්පැන් බෝතල්වල අලවන ස්ටිකර් පිළීබඳ පසුගිය සතියේ කතා බහට ලක් වුණ සිද්ධියක්. ඒ සම්බන්ධව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ මූලික වාර්තාව මට ලැබුණා. ඒ අනුව අපි තීරණය කරා විශේෂයෙන්ම පිටත තිබී අසුවුණ ස්ටිකර් සම්බන්ධව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් කරලා මේ සම්බන්ධව පරීක්ෂණයක් ඉල්ලා සිටීමට. දෙවැනි කරුණ බෝතල්වල අලවා තිබුණු සමහර ස්ටිකර්ස් පිළිබඳ ඇතිවුණු අපහැදිළිතාවය පැහැදිළි කර ගැනීමට විශේෂයෙන්ම එම ස්ටිකර් වල විද්‍යුත් ඇගයීම නැත්නම් (Digital Indication) ඩිජිටල් ඉන්ඩිකේෂන් එක හරියාකාරව සිදු වෙනවා ද කියන කරුණ බැලීම සදහා වෝහාරික පරීක්ෂණයක් අදාළ විදේශීය ආයතනයකින් සතියක් තුළ කරවාගෙන පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට. මීටත් අමතරව මේ ස්ටිකරය හරියාකාරව ක්‍රියාත්මක වීම, මේ තුළින් නිසියාකාර ආදායම් ලැබීම පිළිබඳ නිතිපතා සොයා බැලීමට නිශ්චිත පරීක්ෂණ කණ්ඩායමක් සුරාබදු දෙපාර්තමේන්තුව තුළින් යෙදවීමට සහ ඔවුන්ගෙන් වාර්තා ලබා ගැනීමට කටයුතු කරනවා. ඉතාම ඉක්මණින් නිවැරදි කරලා රාජ්‍ය ආදායම නිසි පරිදි ක්‍රියාත්මක කරවා ගැනීමටත් අනික් පැත්තෙන් පාරිභෝගිකයාගේ පැත්ත ආරක්ෂා කර ගැනීමටත් කටයුතු කරන බව අපි විශ්වාස කරනවා.

යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

https://youtu.be/jg23McnR-Gc


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34