තෛපොංගල් දිනය අදයි

හින්දු බැතිමතුන්ගේ නව වසරේ ප්‍රධාන සුවිශේෂී උත්සවයක් ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය ලෝ වැසි සියලූම හින්දු ජනයා විසින් අද (15) සමරනු ලබනවා.

පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ “උතුරා යාම නොහොත් නැතිනම් පිටාර ගැලීම යන්න යි.

මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස හින්දු ජනතාව සලකන අතර හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සූර්යයාට පුජා කිරීම ද මෙම සුර්ය මංගල දිනයේ දී සිදු කරනු ලබනවා.

තෛපොංගල් උත්සවය සෞභාගය සහ ස්තුති කිරීම හා බැදී පවතින අතර තම අස්වැන්න සරු කර ගැනීමට උපකාර කළ වර්ෂාව, සූර්යයා හා ගව මහිෂා දී සත්වයන්ට ස්තූති කිරීම ද සිදු කෙරෙනවා.

‘භෝඝි’ ලෙස හදුන්වන උත්සවයේ පළමු දින, හින්දු බැතිමතුන් තමන් පාවිච්චි කරන ලද පැරණි වස්ත්‍ර හා රෙදිපිළි පුළුස්සා ගෙවී ගිය වසරේ අවසානය සනිටුහන් කිරීමත් සමගින්ම නව වසර පිළිගැනීම ද සමරනු ලබනවා.

තෛපොංගල් දිනය දා උදෑසනම උක් ගස්වලින් වට වූ මණ්ඩපයක අලුත් සහල්වලින් කිරිබත් පිස සූර්ය දෙවියන්ට පූජා කරනු ලබනවා.

මේ වසරේ ද තම කෙත්වතු සරුසාර වී සියලු දුක් කරදර දුරු වේවා යන සිතුවිල්ල ඇතිවයි ඔවුන් එම කටයුතුවල නිරත වන්නේ.

පොංගල් යනුවෙන් හැදින්වෙන දෙවන දින මෙම සැමරුමේ ප්‍රධාන දිනය වන අතර මෙදින සමරනු ලබනුයේ අලුත් මුට්ටියක බත් , හකුරු හා නැවුම් එළකිරි උතුරා පිසගෙන එම ආහාර සහ පළතුරු රසකැවිලි ආදියෙන් හිරු දෙවියන් පිදීමෙන්.

අස්වැන්න නෙලීමේ උත්සවය යන අර්ථය දෙන මෙම තෛපොංගල් උත්සවය ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක සමරනු ලබනවා.

සාමාන්‍යයෙන් දකුණු ඉන්දියාවේ ජනතාව දින හතරක් මෙම උත්සවය සැමරීම සිදු කරන අතර එම දින කිහිපය පෝගී පොංගල්, සූර්ය පොංගල්, මාඩු පොංගල් සහ කාණුම් පොංගල් ලෙස නම් කර තිබෙනවා.

කෙසේවෙතත් ශ්‍රී ලාංකික හින්දු ජනතාව තෛපොංගල් සැමරීම සිදු කරන්නේ දින දෙකක් පමණයි.

දමිළ, හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සුර්යයාට පුජා කිරීම මෙම දිනයේ දී කරනු ලබන අතර මෙම උත්සවය දමිළ ජනයා සදහා පමණක්ම වෙන්වුවක් නොවන බව පුරාණ ආගමික ග්‍රන්ථයන්හි සඳහන්.

ඒ අනුව මහා භාරතයේ දැක්වෙන පරිදි එය මුලු ඉන්දියානු ජනතාවටම පොදු උත්සවයක් ලෙසටයි සැලකෙන්නේ.

එමෙන්ම සූර්යයා දකුණු කෙළවරේ සිට උතුරු දෙසට ගමන් කිරීමේ ආරම්භය සනිටුහන් කෙරෙන මෙම කාලය උත්තරායනය ලෙස හඳුන්වන අතර එය සුබ කාලයක් ලෙසටයි විශ්වාස කෙරෙන්නේ.

තෛපොංගල් උත්සවයේදී සාම්ප්‍රදායික රසකැවිලි “පොංගල්” සකස් කිරීම වැදගත්ම අංගයක්. පොංගල් යනු කිරි, හකුරු, ප්ලම් සහ කරාබුනැටි සහ එනසාල් වැනි කුළුබඩු සහිත මිහිරි බත් වැනි ආහාරයක්.

තෛපොංගල් උත්සවයේ තවත් වැදගත් අංගයක් වන්නේ කෝලමයි. එය හුණු කුඩු සහ අනෙකුත් ද්‍රව්‍ය වලින් සාදන ලද සාම්ප්‍රදායික අතින් අඳින ලද මෝස්තරයක් වන අතර එය නිවසට ඇතුළු වන ස්ථානයේ අඳිනු ලබනවා.

එය ශ්‍රී ලංකාව, තමිල්නාඩුව, අන්ද්‍රා ප්‍රදේශ්, කර්නාටක, ගෝවේ සමහර ප්‍රදේශ සහ තවත් සමහර ඉන්දියානු ප්‍රාන්තවල සිදු කෙරෙන අතර එය මැලේසියාවේ සහ තවත් ආසියානු රටවල ද සිදු කෙරෙන බව සඳහන්. ඇතැමුන් උත්සව අවස්ථාවලදී කෝලම් අඳින තර එම කෝලම් ඔවුන්ට වාසනාව ගෙන දෙන බවටයි විශ්වාස කෙරෙන්නේ.

තෛපොංගල් සැමරුම වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ කෘෂිකර්මාන්තයේ නවීකරණය කෙරෙහි රජය පුළුල් අවධානයක් යොමුකර ඇති අතර ජාත්‍යන්තර වෙළඳපොලේ තරගකාරීත්වයට ගැලපෙන තාක්ෂණය මත පදනව් වූ තිරසාර සහ ලාභදායී කෘෂිකර්මාන්තයක් ඇති කිරීම අපේක්ෂාව බවයි.

රජයේ මෙම නව ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට දායක වෙමින් ආර්ථික සමෘද්ධිය උදාකර ගත් රටක් ගොඩනැගීමට එක්වන ලෙසට සශ්‍රීකත්වයේ අපේක්ෂා කරගත් සැමරුමක් වන තෛපොංගල් දිනයේදී සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම අටුකොටු සරු වී දිළිඳුකම තුරන් වී සෞභාග්‍යමත් දේශයක් කරා යන ගමනට මෙවර තෛපොංගල් සැමරුම ආශීර්වාදයක් වේවා යනුවෙන් ප්‍රාර්ථනා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඳහන් කළා.

තෛපොංගල් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන කතා නායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ තෛපොංගල් උත්සවය තුලින් ලාංකික අප කා හටත් වැදගත් පණිවිඩ කිහිපයක් ලැබෙන බවයි.

පසුගිය වසරෙහි අප අතින් සිදුවූ වැරදිවලින් අත්මිදී, නැවුම් අපේක්ෂා පෙරදැරිව, නව වසරට එළඹීමට ඉටා ගැනීම ඒ අතරින් අතිශය වැදගත් සිරිතක්.

එය තෛපොංගල් උත්සවයට ප්‍රථමයෙන් භෝගිපොංගල් පරණ අවුරුද්දේ හින්දු ජාතික හිතවතුන් සමරන අවසන් චාරිත්‍රය ද වනවා.

කතානායකවරයා ප්‍රකාශ කළේ 2023 වසරෙහි ලොවට උදා වූ අසිරිමත් තෛයිපොංගල් උත්සවය ජාති භේදයකින් තොරව, පොංගල් කිරිබත් මුළු රටටම බෙදන්නට හැකි කරුණාබර සිත් පහළවන, සහයෝගය, සමානාත්මතාවය, සමෘද්ධිය මෙන්ම රෝ- පීඩාදී උවදුරුවලින් මිදුණු, නව හෙට දිනකට ඇරඹුමක් වේවා යන්න ප්‍රර්ථනා කරන බවයි.

මේ අතර අදට යෙදී ඇති තෛපොංගල් දිනය හේතුවෙන් විදුලි කප්පාදුවක් ද සිදු නොකෙරෙන බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00