රබර් ආශ්‍රිත අපනයන ආදායමේ වර්ධනයක්

2021 වසරට සාපේක්ෂව පසුගිය 2022 වසරේ රබර් ආශ්‍රිත අපනයන තුළින් ලද ආදායම 39% කින් ඉහළ ගොස් ඇති බවත්, රබර් අමුද්‍රව්‍ය ආනයන ප්‍රමාණය 93 % කින් පමණ පහළ ගොස් ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ අද (08) උදෑසන පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ 2022 වසරේ මැද භාගය වන විට රබර් මිල සීඝ්‍රයෙන් පහළ බැසීම මෙන්ම, දේශීය රබර් ගොවියාට රබර් වෙළඳපොළක් නැති තත්ත්වයක් ඇති වූ බවයි.

ඒ, අනුව මේ පිළිබඳව සොයා බැලීමේ දී අපේ රට රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත සඳහා රබර් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන බැවින් අමුද්‍රව්‍ය ලෙස රබර් අපනයනය සිදුකළ ද එය ප්‍රමාණය ඉක්මවා සිදුකිරීම හේතුවෙන් මේ ගැටළුව ඇති වී තිබෙන බවට හෙළි වූ බව ද අමාත්‍යවරයා පැවසුවා.

ඒ, අනුව අදාළ පාර්ශ්ව එක්ව සකස් කළ වැඩපිළිවෙල මත 2021 දෙසැම්බර් මාසයේදී, අමුද්‍රව්‍යක් ලෙස ආනයනය කළ රබර් මෙට්‍රික් ටොන් 22000ක ප්‍රමාණය 2022 දෙසැම්බර් මස වන විට මෙට්‍රික් ටොන් 1548 දක්වා අඩුකර ගැනීමට හැකි වූ බව ද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.

එමෙන්ම 2021 වර්ෂයේ දී ඩොලර් මිලියන 1050ක් වූ රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ද 2022 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1463 දක්වා වර්ධනය කර ගැනීමට හැකි වූ බව ද අමාත්‍යවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34