ඉන්දියාවට ලකුණු 207ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන T20 තරගය ජය ගැනීමට ඉන්දියාවට ලකුණු 207ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 206ක් රැස් කළා.

නායක දසුන් ශානක වේගවත් පිති හරඹයක නිරත වෙමින් පන්දු 22ක් තුල නොදැවී ලකුණු 56ක් ලබාගත්තේ හයේ පහර 6ක් සහ හතරේ පහර 2ක් සමගින්.

කුසල් මෙන්ඩිස් පන්දු 31කින් වේගවත් ලකුණු 52ක් රැස් කළේ හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් ද සමගින්.

පැතුම් නිස්සංක ලකුණු 33ක් සහ චරිත් අසලංක ලකුණු 37ක් ලබාගත්තා. අසලංක එම ලකුණු 37 ලබාගත්තේ පන්දු 19කට මුහුණ දෙමින්. හයේ පහර 4ක් ඔහුගේ ලකුණු අතරට එක්වුණා.

චාමික කරුණාරත්න නොදැවී ලකුණු 11ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී උම්රාන් මලික් කඩුලු 3ක් සහ ඇක්සාර් පටෙල් කඩුලු දෙකක් බිඳහෙළුවා.

පූනේහිදී පැවැත්වෙන මෙම තරගයේ ඉන්දීය පිළිතරු ඉනිම තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30