ඉන්දියාවට ලකුණු 207ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන T20 තරගය ජය ගැනීමට ඉන්දියාවට ලකුණු 207ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 206ක් රැස් කළා.

නායක දසුන් ශානක වේගවත් පිති හරඹයක නිරත වෙමින් පන්දු 22ක් තුල නොදැවී ලකුණු 56ක් ලබාගත්තේ හයේ පහර 6ක් සහ හතරේ පහර 2ක් සමගින්.

කුසල් මෙන්ඩිස් පන්දු 31කින් වේගවත් ලකුණු 52ක් රැස් කළේ හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් ද සමගින්.

පැතුම් නිස්සංක ලකුණු 33ක් සහ චරිත් අසලංක ලකුණු 37ක් ලබාගත්තා. අසලංක එම ලකුණු 37 ලබාගත්තේ පන්දු 19කට මුහුණ දෙමින්. හයේ පහර 4ක් ඔහුගේ ලකුණු අතරට එක්වුණා.

චාමික කරුණාරත්න නොදැවී ලකුණු 11ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී උම්රාන් මලික් කඩුලු 3ක් සහ ඇක්සාර් පටෙල් කඩුලු දෙකක් බිඳහෙළුවා.

පූනේහිදී පැවැත්වෙන මෙම තරගයේ ඉන්දීය පිළිතරු ඉනිම තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19