රුපියල් තුන්කෝටි හැටපන් ලක්ෂ දහනව දහස් එකසීය අනූදෙකයි ශත දහනවයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් ,
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියෙක් කටයුනයක ගුවන් තොටුපොළේ දී ඊයේ (03) ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
මොහු ඊයේ (03) උදෑසන 09.30ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු විසින් සිය සිරුරේ පාර්සල් 04ක් ලෙස සකස් කළ ග්‍රෑම් 996ක් බරැති මෙම ස්වර්ණාභරණ තොගය සඟවා ගෙන මෙරට රැගෙනවිත් තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.
පසුව සැකකාර මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ ස්වර්ණාභරණ තොගය කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණේ.
මේ අතර අද(04) අලුයම 04.45 තෙක් මේ පිළිබද විධිමත් රේගු පරීක්ෂණය පැවති අතර, එහිදී මෙම ස්වර්ණාභරණ තොගය රාජසන්තක කිරීමට සහ මෙම ගුවන් මගියාට රුපියල් ලක්ෂ තිස් හතක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කෙරුණා.
.










