හුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර අද (04) අලුයම වෙඩි ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති බවට පොලිසිය සැක කරන අතර, නිවසේ ජනේලයක් තුළින් ගිනි අවිය යොමු කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
.










