කලකට ඉහතදී සංවිධානාත්මක අපරාධ කරුවකු මෙන්ම පාතාල කල්ලි නායකයෙකු ලෙස කටයුතු කළ මියගිය සොත්ති උපාලිගේ පුතා තියුණු ආයුධ තොගයක් සහ හොරෙයින් මත්කුඩු ඊයේ රාත්‍රී සමඟ අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි
සැකකරු සමඟ කඩුවක් , කිනිසි තුනක් මෙන්ම හොරයින් මත්කුඩු ග්‍රෑම් නවයක් පොලිසිය භාරයට ගෙන ඇත
අරබවලගේ දොන් සජිත් රන්දික නැමැත්තා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ නිවසක් තුළ හොරයින් ජාවාරමක් සිදුවන බවට බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක ප්‍රියදර්ශන විතානගේ මහතාට ලද තොරතුරකට අනුව ඊයේ 4 රාත්‍රී වැටලීම සිදු කළ බව පොලිසිය කියයි
වයස අවුරුදු 28 ක් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත පර්යේෂණ කරති




