අලුත්ගම යකා නැටූ සුනඛ සිද්ධියට විදෙස් ජාතික හාම්පුතා අල්ලයි

අලුත්ගම, කළුවාමෝදර ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ සපා කෑ බව කියන විදේශිකයෙකු ඇතිදැඩි කළ සුනඛයා ජලභීතිකා රෝගය වැළදී මියගිය පසු අදාළ විදේශිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අදාළ විදේශීය ජාතිකයා ඊයේ (02) දහවල් අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙන්තොට, අංගාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි එරික් මාර්ෂල් බර්නාඩ් නමැති 84 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙක්.

පසුගිය 23 වනදා එම සුනඛයා නිවසින් පැන ඇවිත් ඒ අවට සිටි පුද්ගලයින් පස්දෙනෙකු සහ නිවාසවල ඇති කළ සුනඛයින් තිදෙනෙකු සපාකා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර එම සුනඛයා සපා කෑ සුනඛයන් දෙදෙනෙකු ද මිය ගොස් ඇති බව පොලිසිය පැවසුවේ.

සපාකෑම සිදුකළ විදේශිකයාට අයත් සුනඛයා ඉකුත් 26 වනදා හදිසියේ මියගොස් ඇති අතර, පසුව එම සුනඛයාගේ හිස බොරැල්ල වෛද්‍යපරීක්ෂණ ආයතනයට යොමුකිරීමෙන් පසු සිදුකළ පරීක්ෂණවලදී සුනඛයාට ජලභීතිකා රෝගය වැළදී ඇති බවට තහවුරුව තිබෙනවා.

මේ අතර සුනඛයා සපා කෑ පුද්ගලයන් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි වාර්තා වුණේ.

සුනඛයා සපාකෑම සම්බන්ධයෙන් ලද පැමිණිලි මත ප්‍රංශ ජාතිකයා ඊයේ (02) දහවල් පොලිසියට කැදවා ප්‍රශ්න කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අනුව සැකකාර ප්‍රංශ ජාතිකයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවයි අලුත්ගම අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව - TIN එක වෙනුවට දාලා තියෙන්නේ තිතක්
06:27
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක් - රියදුරුට සහ සහයකයාට බරපතළයි
00:46
Video thumbnail
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු මාර ගස ඉවත් කරයි - ගමනාගමනය යථා තත්ත්වයට
01:10
Video thumbnail
"මඟුලක් කියවන්න එපා...ඔයා මහත්තයෝ බූ#රුවා"සෆාරි රියදුරන්ට සත්තම දැම්ම පුද්ගලයා..
01:29
Video thumbnail
හෝමාගම ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි - පවුලේ අය හඬා වැටෙයි
01:23
Video thumbnail
ඔයාට අයිතියක් නෑ අයිසේ අයිසේ කියලා කියන්න - PHI නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම නිසා උණුසුම්
02:31
Video thumbnail
කථානායක පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් එක්ක පැටලෙයි - මේ සෙල්ලම මෙහෙම කරන්න බෑ
04:19
Video thumbnail
අර්චුනාට මෝ#යා කිව්ව නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මානසික රෝගියෙක් නිසා ඉවසගෙන ඉන්නේ
07:02
Video thumbnail
අර්චුනා නැගිටලා කියපු දේට රෝහිණීටයි ප්‍රසාද් සර්ටයි හොඳටම හිනා - බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
02:18
Video thumbnail
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට නිවසකින් ගිනි අවියක් හමුවෙයි - නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට
05:50