අලුත්ගම යකා නැටූ සුනඛ සිද්ධියට විදෙස් ජාතික හාම්පුතා අල්ලයි

අලුත්ගම, කළුවාමෝදර ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ සපා කෑ බව කියන විදේශිකයෙකු ඇතිදැඩි කළ සුනඛයා ජලභීතිකා රෝගය වැළදී මියගිය පසු අදාළ විදේශිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ අදාළ විදේශීය ජාතිකයා ඊයේ (02) දහවල් අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙන්තොට, අංගාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි එරික් මාර්ෂල් බර්නාඩ් නමැති 84 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙක්.

පසුගිය 23 වනදා එම සුනඛයා නිවසින් පැන ඇවිත් ඒ අවට සිටි පුද්ගලයින් පස්දෙනෙකු සහ නිවාසවල ඇති කළ සුනඛයින් තිදෙනෙකු සපාකා ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර එම සුනඛයා සපා කෑ සුනඛයන් දෙදෙනෙකු ද මිය ගොස් ඇති බව පොලිසිය පැවසුවේ.

සපාකෑම සිදුකළ විදේශිකයාට අයත් සුනඛයා ඉකුත් 26 වනදා හදිසියේ මියගොස් ඇති අතර, පසුව එම සුනඛයාගේ හිස බොරැල්ල වෛද්‍යපරීක්ෂණ ආයතනයට යොමුකිරීමෙන් පසු සිදුකළ පරීක්ෂණවලදී සුනඛයාට ජලභීතිකා රෝගය වැළදී ඇති බවට තහවුරුව තිබෙනවා.

මේ අතර සුනඛයා සපා කෑ පුද්ගලයන් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි වාර්තා වුණේ.

සුනඛයා සපාකෑම සම්බන්ධයෙන් ලද පැමිණිලි මත ප්‍රංශ ජාතිකයා ඊයේ (02) දහවල් පොලිසියට කැදවා ප්‍රශ්න කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අනුව සැකකාර ප්‍රංශ ජාතිකයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවයි අලුත්ගම අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?