IPL පිටියේ අත්දැකීම් බහුල ක්‍රීඩකයි සමඟ පළමු තරගයට එන ඉන්දීය කණ්ඩායම මෙන්න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද (03) මුම්බායි හිදී ආරම්භ වනවා.

මෙම තරගාවලිය සඳහා රෝහිත් ෂර්මා, කේ.එල්. රාහුල්, විරාත් කෝලි, ශ්‍රෙයාස් අයියර්, රිෂාබ් පාන්ට්, රවීන්ද්‍ර ජඩේජා, බුවනේෂ්වර් කුමාර්, අශ්වින්, මොහොමඩ් ෂාමි, ජස්ප්‍රිත් බුම්රා වැනි ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයින් එක් වන්නේ නැහැ.

ඒ, අනුව මෙම තරගාවලිය වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමේ නායකත්වයේ වගකීම පවරා ඇති හර්දික් පාණ්ඩ්‍යාට තරුණ කණ්ඩායමක් සමඟින් මෙම තරගාවලියට එක්වීමට සිදුව තිබෙනවා.

ජාත්‍යන්තර අත්දැකීම් අඩු ක්‍රීඩකයින් ඉන්දීය සංචිතයට නම්කළ සිටියත් එම ක්‍රීඩකයින්ගෙන් වැඩි පිරිසක් අයි.පී.එල්. අත්දැකීම් ඇති ක්‍රීඩකයින් බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

මේ අතර අද තරගයේ දී ඉන්දීය පිතිකරු ශුබ්මන් ගිල් හට ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් හිමිවනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ, අනුව අද තරගයේ දී ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස ඉෂන් කිෂාන් සහ ශුබ්මන් ගිල් කටයුතු කරනු ඇති බවයි බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ.

ඉෂන් කිෂාන්, ශුබ්මන් ගිල්, සූර්යකුමාර් යාදව්, සංජු සැම්සන්, හර්දික් පාණ්ඩ්‍යා, වොෂින්ටන් සුන්දර්, අක්සාර් පටෙල්, දීපක් හූඩා, හර්ෂල් පටෙල්, යුස්වේන්ද්‍ර චාහල්, අර්ෂ්දීප් සිං යන කණ්ඩායම අද පැවැත්වෙන පළමු තරගය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට වැඩි සම්භාවිතාවක් ඇති බව විචාරකයින් පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව - TIN එක වෙනුවට දාලා තියෙන්නේ තිතක්
06:27
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක් - රියදුරුට සහ සහයකයාට බරපතළයි
00:46
Video thumbnail
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු මාර ගස ඉවත් කරයි - ගමනාගමනය යථා තත්ත්වයට
01:10
Video thumbnail
"මඟුලක් කියවන්න එපා...ඔයා මහත්තයෝ බූ#රුවා"සෆාරි රියදුරන්ට සත්තම දැම්ම පුද්ගලයා..
01:29
Video thumbnail
හෝමාගම ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි - පවුලේ අය හඬා වැටෙයි
01:23
Video thumbnail
ඔයාට අයිතියක් නෑ අයිසේ අයිසේ කියලා කියන්න - PHI නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම නිසා උණුසුම්
02:31
Video thumbnail
කථානායක පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් එක්ක පැටලෙයි - මේ සෙල්ලම මෙහෙම කරන්න බෑ
04:19
Video thumbnail
අර්චුනාට මෝ#යා කිව්ව නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මානසික රෝගියෙක් නිසා ඉවසගෙන ඉන්නේ
07:02
Video thumbnail
අර්චුනා නැගිටලා කියපු දේට රෝහිණීටයි ප්‍රසාද් සර්ටයි හොඳටම හිනා - බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
02:18
Video thumbnail
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට නිවසකින් ගිනි අවියක් හමුවෙයි - නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට
05:50