මග නැගුම සිද්ධියට දෙදෙනෙකු අත්අඩංගුවට (විඩියෝ)

මග නැගුම ව්‍යාපෘතියේ සභාපතිවරයාට හා විධායක අධ්‍යක්ෂවරයාට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අද දින පෑලියගොඩ නුගේ පාර පිහිටි මඟ නැගුම ව්‍යාපෘති කාර්යාලයේදී පැවති 2023 වර්ෂය සඳහා සේවකයන් වැඩ ආරම්භ කිරීම සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද ප්‍රතිඥාව කියවා දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව පැවති තේ පැන් සංග්‍රහයක් අතරතුර මඟ නැගුම ව්‍යපෘතියේ සභාපතිවරයාට හා විධායක අධ්‍යක්ෂවරයාට කාර්යාලය තුළ පහරදීමක් සිදුව තිබේ

ඒ පිළිබඳ විමර්ශන සිදුකළ පෑලියගොඩ මූලස්ථාන පොලිසිය විසින් වයස අවුරුදු 57 ක හා වයස අවුරුදු 49 ක් වන බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකු පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා .

වයස අවුරුදු 49 ක් වන සැකකරු මඟ නැගුම ව්‍යාපෘතියේ රියදුරු සංගමයේ සභාපතිවරයා වන අතර , වයස අවුරුදු 57 ක් වන අනෙක් සැකකරු එම රියදුරු සංගමයේම කාරක සභිකයෙකු වේ .

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .

https://youtu.be/HvZXqOB4lAw
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?