දුම්රිය බලධාරීන් ගැටළුවට විසඳුම් නෑ

දුම්රිය ස්ථානාධිපතිවරු බඳවාගැනීමෙන් දුම්රිය අවලංගුවීම කිසිසේත්ම පාලනය කිරිමට නොහැකි බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

දුම්රිය රියදුරු, නියාමක, කැබින්මන්, පයින්ටුකරු සහ දුම්රිය කාර්ය සහයක යන තනතුරුවල පුරප්පාඩු හැකි ඉක්මනින් පිරවිය යුතු බවයි ඔවුන් පවසන්නේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ප්‍රශ්නය වෙනත් එකක් බවත් දුම්රිය බලධාරීන් ගැටළුවට විසඳුම් ලබා නොදෙන බවත් දුම්රිය වෘත්තීය සමිති අවධාරණය කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් විශ්‍රාම යාම නිසා ඇතිවු පුරප්පාඩු හේතුවෙන් අද දිනයේ ගමන්වාර 18 ක් අවලංගු වී තිබෙනවා.

  1. CGR Over Staff. Oka athule dahas ganak kisima wedak nokara dawasema nikan innawa. eke weradhdha eyalage noweyi. eyalage weda balana lokkan ge. Pitin gannawata wada athule ayagen application call karala interview karala ganna bari eyi. eyalata denatamath oka athule weda gena karana piliwela danna aya. eyalawa puhunu karanna lehesiyi. Tharuna kollo mona tharam oke innawadha. borunam dematagoda, ratmalana workshop walin hendewata off wela yana aya balanna. sahena ganak innawa. apiwama kaka inne nathiwa ehema balanna. aluthen ganna kalin ganipu ungen mokak hari useful wedak ganna balanna.