පොලිස් රාළහාමිගේ රාජකාරී තුවක්කුව දඩයමේ යන්න දඩයක්කරුවෙක්ට දීලා

දඩයක්කරුවෙකු සන්තකයේ තිබිය දී තන්තිරිමලය පොලිසියට අයත් ටී-56 වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ 25ක් වනජීවී නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

එහිදී එම ගිනි අවිය සහ උණ්ඩ සමඟ දඩයක්කරුවාද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වනජීවී නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විල්පත්තුව වනෝද්‍යානයට මායිම්ව තන්තිරිමලේ ප්‍රදේශයේ වනජීවී නිලධාරීන් විසින් සිදුකරනු ලැබූ වැටලීමක දීයි මෙම ගිනි අවිය සහ පතොරම් සොයා ගැනීමට හැකිව ඇත්තේ.

වනජීවී නිලධාරීන් භාරයට ගත් මෙම ගිනි අවිය සහ පතොරම් තන්තිරිමලය පොලීසියට අනියුක්තව රාජකාරි කරනු ලබන පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් බවට තහවුරු කරගෙන තිබෙනවා.

දඩයක්කරුවා සන්තකයේ තිබිය දී මෙලෙස සොයාගත් ගිනි අවිය සහ ජීව උණ්ඩ අද (02) දිනයේ අනුරාධපුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ අදාළ ගිනිඅවිය භාරව සිටි පොලිස් නිලධාරියා විසින් ම සතුන් දඩයම් කිරීම සඳහා දඩයක්කරුට ලබා දී ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහවිලච්චිය පොලීසිය සහ වනජීවි නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
00:00
Video thumbnail
හෝමාගම ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි - පවුලේ අය හඬා වැටෙයි
01:23
Video thumbnail
ඔයාට අයිතියක් නෑ අයිසේ අයිසේ කියලා කියන්න - PHI නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම නිසා උණුසුම්
02:31
Video thumbnail
කථානායක පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් එක්ක පැටලෙයි - මේ සෙල්ලම මෙහෙම කරන්න බෑ
04:19
Video thumbnail
අර්චුනාට මෝ#යා කිව්ව නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මානසික රෝගියෙක් නිසා ඉවසගෙන ඉන්නේ
07:02
Video thumbnail
අර්චුනා නැගිටලා කියපු දේට රෝහිණීටයි ප්‍රසාද් සර්ටයි හොඳටම හිනා - බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
02:18
Video thumbnail
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට නිවසකින් ගිනි අවියක් හමුවෙයි - නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට
05:50
Video thumbnail
හිටපු හමුදාපතිට මාලිමාවෙන් ආරාධනාවක් ආවද ?රණවිරුවා කියන නම වුවමනාවෙන්ම නැතිකරන බවක් පෙන්නේ
06:37
Video thumbnail
සලේගේ සිද්ධිය ගැන හිටපු හමුදාපති කට අරියි - සලේව පුහුණු කළේ මම..දක්ෂ නිලධාරියෙක්..
03:12
Video thumbnail
විපක්ෂයේ ඉන්න කාලේ ජොපර්වලින් අලි පන්නනවා කිව්වේ - රුවන්වැලිසෑ නායක හාමුදුරුවන් හමුවී ගොවි දුක කියයි
05:59