එළවළු ප්‍රවාහනයට AC කළ දුම්රිය මැදිරි දෙන්න ජනපතිගෙන් පොරොන්දුවක්

එළවළු ප්‍රවාහනය සඳහා වායු සමීකරණය කරන ලද දුම්රිය මැදිරි ලබාදෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොරොන්දු වූ බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත පවසනවා.

දුම්රිය දෙපාර්තුමේන්තුව පෞද්ගලික අංශය සමඟ එක්ව නියමු ව්‍යාපෘතියක් වශයෙන් නානුඔය සිට කොළඹ දක්වා එළවළු ප්‍රවාහනය කරන දුම්රිය මැදිරි කිහිපයක් වායු සමීකරණය කර දී එම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට උපකාර කරන බවට ජනාධිපතිවරයා මෙහිදී පොරොන්දු වී තිබෙනවා.

එළවළු ගොවීන්ගේ දැනට පවතින ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ (01) තමන් සමඟ කළ සාකච්ඡාවක දී මේ බව සඳහන් කළ බවයි සභාපතිවරයා පැවසුවේ.

පසුගිය දා ආරම්භ කළ නානුඔය සිට කොළඹ දක්වා දුම්රියෙන් එළවළු ප්‍රවාහනය කිරීමේ නියමු ව්‍යාපෘතිය සාර්ථක බව ද සභාපතිවරයා ජනාධිපතිවරයාට මෙහිදී පවසා තිබෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙන්ම නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට ද එළවළු ගබඩා කිරීමට අවශ්‍ය ශිතාගාරයක් ලබාදෙන බවටත් ජනාධිපතිවරයා මෙහිදී පොරොන්දු වූ බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉරාන නෞකාවට එල්ල කළ ප්‍ර#රය බරපතළයි..අමෙරිකාව අන්තර්ජාතික නීති සියල්ල කඩ කළා
06:05
Video thumbnail
හසාරාගේ ප්‍රකාශයක් නිසා අජිත් නැගිටලා හොඳටම දෙසයි..ඔයා මනුෂ්‍ය ජීවිත අවතක්සේරු කළේ
04:45
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 05.03.2026
08:15:39
Video thumbnail
මිනිස්සු කුලප්පු කරන්න එපා..අපි නිවටයෝ නෙවෙයි..මිහින්තලේ හිමිගෙන් සැර සත්තමක්..
06:39
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..හිටපු ජනපතිලා කැඳවන්න
00:31
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..ඉක්මනින් හිටපු ජනපතිලා කැඳවන්න..රටේ තත්ත්වය භයානකයි..
05:57
Video thumbnail
වරාය බලධාරින්ට ත#ජනය කරලා ?විමල්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්.. නැව වරායට ගත්තොත් ප්‍ර#රයක්?
05:54
Video thumbnail
මිහින්තලේ හිමි ආණ්ඩුවට ගැමි උපකරණ ගැන Review එකක් දෙයි.."මෙන්න හුන්ඩුව..තවමත් හුන්ඩු මානසිකත්වයේනේ"
03:51
Video thumbnail
හුන්ඩුව නිසා විමල්ට නහුතෙටම තදවෙයි..විපක්ෂයේ ගොබිලයොන්ට මේක තේරෙන්නේ නෑ
05:09
Video thumbnail
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ චිමිනියකින් විශාල කළු දුමාරයක්
00:09