බිත්තරේ ගැටළුව අද කැබිනට්ටුවට

බිත්තර ආනයනය කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (02) දිනයේ දී රැස්වන කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍යවරයා පවසනවා.

එහිදී බිත්තර මිල පාලනය සඳහා ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කර අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඉන්දියාවෙන් හෝ පාකිස්ථානයෙන් බිත්තර ආනයන සඳහා අවසර ලබාදිය යුතු බව බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියා.

එසේ බිත්තර ආනයනය නොකළ හොත් ඉදිරියේ දී පාන් හැර අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

වෙළඳපොළ තුළ මේ වනවිට බිත්තරයක් රුපියල් 60.00සිට 70.00 දක්වා මිලකට අලෙවි වන අතර, අතරමැදි බිත්තර වෙළෙඳුන් මේ සඳහා වගකිව යුතු බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ.

මේ අතර ඉහළ යන බිත්තර මිලට විසඳුමක් ලෙස ලොරි රථ මඟින් ගෙනැවිත් රුපියල් 55.00ක මුදලකට බිත්තර ලබාදීම සඳහා සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින් සහ කුකුළු ව්‍යාපාරිකයින් ආරම්භ කළ වැඩසටහන මේ වනවිට අසාර්ථකතත්වයක් පෙන්නුම්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
00:00
Video thumbnail
විපක්ෂයේ ඉන්න කාලේ ජොපර්වලින් අලි පන්නනවා කිව්වේ - රුවන්වැලිසෑ නායක හාමුදුරුවන් හමුවී ගොවි දුක කියයි
05:59
Video thumbnail
සුපිරි වෙළඳ සංකීර්ණයක රහසිගත ගබඩාවකින් මතුවූ කෝටි ගානක ස්මාර්ට් ජංගම දුරකථන
02:07
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30