පොලිස් අත්අඩංගුවේ සිටි සිරකරු පැන යයි

දිවුලපිටිය පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන එම පොලිස් ස්ථානයේ අංක 01 සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු සිරමැදිරියේ අගුල ගලවා පලාගොස් ඇති බව පොලිසිය පැවසීය

මෙසේ පලාගොස් ඇත්තේ දිවුලපිටිය වෙලගාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි මොහු 31 දින සවස හෙරොයින් මිලිග්‍රෑම් 80 ක් සමග අත්අඩංගුවට ගෙනසිරමැදිරියේ රදවා සිටියදී රාත්‍රී 10.00 පමණ පලාගොස් ඇත.

පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දිවුලපිටිය පොලිස් ස්ථානය මගින් විමර්ශන සිදුකරයි