අලුත් අවුරුදු දා උදෑසනම කිලිනොච්චියේ මනුෂ්‍ය ඝාතනයක් (ඡායාරූප)

පහරදීමකින් හා තියුණු ආයුධයකින් සිදුකළ කැපීමකින් තුවාල ලැබූ පුද්ගලයෙක් කිලිනොච්චිය, විනායගපුරම් ප්‍රදේශයේ දී අද (01) අලුයම මියගොස් ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

කිලිනොච්චිය, විනායගපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 26ක තවකුමාර් සුරේෂ් නමැති තරුණයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

පහර කෑමෙන් තුවාල ලබා සිටි තරුණයා ප්‍රදේශවාසීන් විසින් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර,එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

පහරදීම සිදුකළ පිරිස හෝ පුද්ගලයා සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන ආරම්භ කර ඇති බවයි කිලිනොච්චිය පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

තරුණයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකර තිබෙනවා.

මේ අතර දෙපිරිසක් අතර වූ ගැටුමක් දුරදිග යාම හේතුවෙන් අදාළ ඝාතනය සිදුව ඇති බවට ආරංචියක් පවතින බවයි ප්‍රදේශවාසීන් පැවසූවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38