කැලැන්ඩර් සහ ඩයරි මුද්‍රණය අවමයෙන් සිදු වූ වසර 2023 බව මුද්‍රණකරුවන් කියයි

මෑත ඉතිහාසයේ දින දර්ශන සහ දින පොත් ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් මුද්‍රණය කළ වසර 2023 වසර බව දින දර්ශන සහ දිනපොත් මුද්‍රණකරුවන් පවසනවා.

මේ අතර රට තුළ පවතින කඩදාසි හිඟය සහ මුද්‍රණය සදහා භාවිත කරනු ලබන තීන්ත වර්ගවල මිල ඉහළ යාම හමුවේ ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසරේ දී දින දර්ශන සහ දින පොත් මුද්‍රණය කිරීමේ වියදම පස් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ හේතුවෙන් මෙම වසර තුළ දින දර්ශන සහ දින පොත් මුද්‍රණය ඇණවුම්වල කැපී පෙනෙන අඩුවක් පවතින බවයි මුද්‍රණකරුවන් කියා සිටියේ.

එමෙන්ම විදුලි බිල ඉහළ යාම නිසා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ දින දර්ශන සහ දින පොත් මුද්‍රණය කිරිමේ දී විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව ඔවුන් පවසනවා.

වෙනත් වසරවල දිවයිනේ විවිධ ප්‍රධාන සමාගම් සහ ව්‍යාපාරිකයන් විසින් වාර්ෂික දින දර්ශනය ඉතා විශාල ලෙස පිටු 12 කින් මුද්‍රණය කර පාරිභෝගිකයන් ලබාදෙන බවත්, මෙම වසරේ දී වාර්ෂික දින දර්ශනය පිටු 06කට සීමාකර මුද්‍රණය කර ඇති බවත් මුද්‍රණකරුවන් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38