මෑත ඉතිහාසයේ දින දර්ශන සහ දින පොත් ඉතා සීමිත ප්‍රමාණයක් පමණක් මුද්‍රණය කළ වසර 2023 වසර බව දින දර්ශන සහ දිනපොත් මුද්‍රණකරුවන් පවසනවා.
මේ අතර රට තුළ පවතින කඩදාසි හිඟය සහ මුද්‍රණය සදහා භාවිත කරනු ලබන තීන්ත වර්ගවල මිල ඉහළ යාම හමුවේ ඉකුත් වසරට සාපේක්ෂව මෙම වසරේ දී දින දර්ශන සහ දින පොත් මුද්‍රණය කිරීමේ වියදම පස් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ඒ හේතුවෙන් මෙම වසර තුළ දින දර්ශන සහ දින පොත් මුද්‍රණය ඇණවුම්වල කැපී පෙනෙන අඩුවක් පවතින බවයි මුද්‍රණකරුවන් කියා සිටියේ.
එමෙන්ම විදුලි බිල ඉහළ යාම නිසා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ දින දර්ශන සහ දින පොත් මුද්‍රණය කිරිමේ දී විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව ඔවුන් පවසනවා.
වෙනත් වසරවල දිවයිනේ විවිධ ප්‍රධාන සමාගම් සහ ව්‍යාපාරිකයන් විසින් වාර්ෂික දින දර්ශනය ඉතා විශාල ලෙස පිටු 12 කින් මුද්‍රණය කර පාරිභෝගිකයන් ලබාදෙන බවත්, මෙම වසරේ දී වාර්ෂික දින දර්ශනය පිටු 06කට සීමාකර මුද්‍රණය කර ඇති බවත් මුද්‍රණකරුවන් සඳහන් කළා.














