මෘත දේහයක් සොහොනට රැගෙන යමින් සිටි 7ක් රිය අනතුරකින් රෝහලේ

මියගිය කාන්තාවකගේ දේහයක් සුසාන භූමියට රැගෙන යමින් සිටි කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළු 7 දෙනෙකු රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙක්, කුඩා ළමුන් තිදෙනෙක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙක්.

වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ මියගිය කාන්තාවකගේ දේහය අවසන් කටයුතු සිදුකිරීම සඳහා ගාලුපාර ඔස්සේ වාද්දුව සිට වස්කඩුව පොදු සුසාන භූමියට රැගෙන යමින් සිටියදී කළුතර දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක් එම පිරිසේ ගැටී තිබෙනවා.

ත්‍රීරෝද රථයේ රියදුරාට නින්ද යාමෙන් අනතුර සිදුවන්නට ඇති බවටයි මෙතෙක් සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ.

තුවාලකරුවන් පානදුර සහ කළුතර රෝහල්වලට ඇතුලත් කර තිබෙනවා.

මෘතදේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු වස්කඩුව පොදුසුසාන භූමියේ දී මදක් ප්‍රමාදවී සිදු කළ බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

ත්‍රීරෝද රථය ප්‍රතිවිරුද්ධ දිශාවට ඇදීගොස් අවමංගල්‍ය රථය පිටුපස පැමිණි පිරිසෙහි ගැටී ඇතැයි පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?