මෘත දේහයක් සොහොනට රැගෙන යමින් සිටි 7ක් රිය අනතුරකින් රෝහලේ

මියගිය කාන්තාවකගේ දේහයක් සුසාන භූමියට රැගෙන යමින් සිටි කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළු 7 දෙනෙකු රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙක්, කුඩා ළමුන් තිදෙනෙක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙක්.

වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ මියගිය කාන්තාවකගේ දේහය අවසන් කටයුතු සිදුකිරීම සඳහා ගාලුපාර ඔස්සේ වාද්දුව සිට වස්කඩුව පොදු සුසාන භූමියට රැගෙන යමින් සිටියදී කළුතර දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක් එම පිරිසේ ගැටී තිබෙනවා.

ත්‍රීරෝද රථයේ රියදුරාට නින්ද යාමෙන් අනතුර සිදුවන්නට ඇති බවටයි මෙතෙක් සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ.

තුවාලකරුවන් පානදුර සහ කළුතර රෝහල්වලට ඇතුලත් කර තිබෙනවා.

මෘතදේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු වස්කඩුව පොදුසුසාන භූමියේ දී මදක් ප්‍රමාදවී සිදු කළ බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

ත්‍රීරෝද රථය ප්‍රතිවිරුද්ධ දිශාවට ඇදීගොස් අවමංගල්‍ය රථය පිටුපස පැමිණි පිරිසෙහි ගැටී ඇතැයි පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43