ඉන්දියාවට හිසරදයක් වියහැකි තිදෙනෙක් ගැන ගාම්භීර් කල්තියාම අනතුරු අඟවයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එළඹෙන 03 වනදා ආරම්භ වන විස්සයි විස්ස තරගාවලිය තුළ ඉන්දීය කණ්ඩායමට හිසරදයක් විය හැකි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙනෙකු පිළිබඳව ඉන්දීය හිටපු පිතිකරු ගෞතම් ගාම්භීර් අනාවැකි පළකර තිබෙනවා.

ඒ, අනුව එළඹෙන විස්සයි විස්ස තරගාවලිය තුළ කුසල් මෙන්ඩිස්, වනිඳු හසරංග සහ භානුක රාජපක්ෂගෙන් ඉන්දීය කණ්ඩායමට වැඩි අභියෝගයක් එල්ල විය හැකි බවයි ඔහු පවසන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ජනවාරි 03 වනදා මුම්බායි හිදී ආරම්භ වනවා.

දෙරට අතර දෙවන විස්සයි විස්ස තරගය ලබන 05 වනදා පූනේ හිදී ආරම්භවන අතර, තුන්වන තරගය පැවැත්වෙන්නේ ලබන 07 වනදා රාජ්කොට් හිදීයි.

ඉන් අනතුරුව දෙරට අතර එක්දින තරගාවලිය ලබන 10 වනදා ආරම්භ වනවා.

මේ අතර තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා සහ ඉන්දීය සංචිත මේ වනවිට ප්‍රකාශයට පත්කර අවසන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය මාර්ගයේ කොටස් ගලවාගෙන ගිහින් විකිණූ හැටි
01:21
Video thumbnail
අධික වේගයෙන් ගිය ප්‍රයිවට් බස් එක ලංගම බසයක ගැටෙයි
00:56
Video thumbnail
බොරුවට රඟපාන්න එපා - පලවත්තට ගිහින් ප්‍රශ්නේ විසඳගන්න
07:51
Video thumbnail
පැලවත්තේ කණ්ඩායමක් තමයි මල්වානට ගිහිල්ලා තියෙන්නේ
04:10
Video thumbnail
මේ ආණ්ඩුවට වැඩි කාලයක් නෑ - වැඩ්ඩෝ ඉන්න සජබයට බලය දෙන්න
16:24
Video thumbnail
අද ආයෝජකයන් බයවෙලා - රට නැවත විනාශ කරන්න එපා
10:46
Video thumbnail
අන්තරේ සෙට් එක දැඩි තීන්දුවක් ගනී - සාකච්ඡාව ගැන අසාර්ථක වුණොත් කරන්න යන දේ
06:19
Video thumbnail
මහින්ද රාජපක්ෂට කිසිම ලෙඩක් නෑ - ඉලංදාරියෙක් වගේ ඉන්නවා
09:30
Video thumbnail
ගෝඨා ගිය පාරේමයි යන්නේ - ඊට වඩා ලොකු කෑමක් කන එක ෂුවර්
12:26
Video thumbnail
දුම්රිය මාර්ගයේ කොටස් ගලවපු කෙනා උසාවියට - 29 දක්වා රිමාන්ඩ්
00:49