පාසල් සිසුවියකට ලිංගික අතවර කිරීමට ගිය අයෙක් අත්අඩංගුවට

වයස අවුරුදු 17ක පාසල් සිසුවියකට ලිංගික අතවර කිරීමට උත්සහ කළ පුද්ගලයෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ දැරියගේ මාමා බවයි පොලිසිය සඳහන් කළේ.

ගලෙන්බිඳුණුවැව, පඩිකාරමඩුව ප්‍රදේශයේ පදිංචි සැකකරු වයස අවුරුදු 50 ක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගලෙන්බිඳුණුවැව පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?