අංජුගේ ඝාතනයට ‘කට් ඉෂාර’ අල්ලයි (ඡායාරූප)

පුද්ගලයෙකු පැහැරගෙන තියුණු ආයුධවලින් කපා කොටා මුඛයට වෙඩි තබා කඩුවෙල, චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ දමා ගිය සිද්ධියට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු වන ‘කට් ඉෂාර’ නමැති පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මොහු කොළොන්නාව, නාගහමුල්ල වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් දෙසිය විස්සක් ද සොයාගැනීමට හැකිව තිබෙනවා.

ඊට අමතරව මෝටර් රථයක්, කඩුවක් ,මන්නා පිහියක්, ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු 31 හැවිරිදි වියේ පසුවන ‘කට් ඉෂාර’ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඩුවෙල පොලීසිය වෙත භාරදී තිබෙනවා.

පසුගිය 26 වනදා කඩවත, ඉහළ බියන්විල, මංකඩ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි හර්ෂ මධුෂාන් ජානක නොහොත් ‘අංජු’ නැමැත්තා පැහැරගෙන ගොස් මෙලෙස ඝාතනය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?