2023 වසරේ රජයේ ආයතනවල වියදම් සම්බන්ධයෙන් චක්‍රලේඛයක්

රජයේ ආයතන විසින් විවිධ උත්සව සඳහා කරන වියදම් අත්හිටුවීමට අදාළ චක්‍රලේඛය ලබන වසර (2023) සඳහා ද වලංගු වන පරිදි මුදල් අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

2023 වර්ෂය තුළ වියදම් දැරිම සඳහා බලයදීම සහ රාජ්‍ය වියදම් කළමනාකරණය යන මැයෙන් මෙම නව චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසිනුයි නිකුත්කර ඇත්තේ.

මෙම චක්‍රලේඛයට අනුව ලබන වසරට රාජ්‍ය ආයතන, වාර්ෂික අයවැය ඇස්තමේන්තු මඟින් වෙන්කර දී ඇති ප්‍රතිපාදන සීමාවන් නොඉක්මවන පරිදි වියදම් කළමනාකරණය කර ගැනීම නිලධාරින්ගේ වගකීම බව අවධාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?