දකුණේ ප්‍රධාන නගර තුනක ATM යන්ත්‍ර තුනක කෝටි ගණනක මුදල් කොල්ලයක්

දකුණු පළාතේ ප්‍රධාන නගර තුනක රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රවල තිබූ මුදල් තොගයක් ඊයේ (30) අලුයම් කාලයේ කොල්ල කා ඇති බව පොලිසිය පවසනවා.

හික්කඩුව, ගාල්ල සහ බද්දේගම යන නගරවල පිහිටි අදාළ රාජ්‍ය බැංකුවට අයත් ශාඛා තුනේ ATM යන්ත්‍රවල තිබූ මුදල් මෙලෙස කොල්ල කා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ බැංකුවේ ATM යන්ත්‍රවල ඇති පරිගණක පද්දතියට ඇතුළු වී එහි මෘදුකාංග වෙනස්කර මෙම මුදල් කොල්ලකෑම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව රුපියල් 4,680,000ක්, 275,000ක් සහ 5,700,000ක මුදලක් අදාළ ATM යන්ත්‍රවලින් මෙලෙස කොල්ල කා තිබෙනවා.

ඊයේ (30) අලුයම් කාලයේ ATM යන්ත්‍ර පිහිටි ස්ථානවලට විදේශිකයින් යැයි සැක කෙරෙන පිරිසක් ඇතුළු වී යන්ත්‍රයේ ඇති CCTV කැමරාවට ස්ටිකරයක් වැනි දෙයක් අලවා මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි අනවරණය වී ඇත්තේ.

නගර තුනේම ATM යන්ත්‍රවලින් සිදුකළ මුදල් කොල්ලකෑම් එකම ආකාරයට සිදුකර ඇති බැවින් මෙම කොල්ලකෑම් සියල්ල එකම පිරිසක් විසින් සිදුකරන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

මෙම කොල්ලකෑම්වලට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වනවිට පුළුල් මෙහෙයුමක් ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?