මන්නාරම – තලෙයිමන්නාරම් ප්‍රධාන මාර්ගයේ තාරාපුරම් ප්‍රදේශයේ දී පොලිස් ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරුවෙක් මියගොස් තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ (29) සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ මන්නාරම, පනංකට්ටු ප්‍රදේශයේ පදිංචිව සිටි
32 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක් බවයි.
මන්නාරමේ සිට පේසාලෙයි දක්වා ධාවනය වූ පේසාලෙයි පොලිස් ස්ථානයට අයත් ඩිෆෙන්ඩර් රථයක් සහ පේසාලෙයි සිටි මන්නාරම් දෙසට ගමනකළ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මන්නාරම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ.
අනතුරින් පසුව පේසාලෙයි පොලිස් ස්ථානයට අයත් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජනවාරී මස 09 වනදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
























