ජනවාරි පළමු වනදා සිට වාහන අංක තහඩුවේ වෙනසක්

වාහන අංක තහඩුවේ මෙතෙක් පළාත් සඳහන් කරමින් පැවති ඉංග්‍රීසි අක්ෂර ලබන වසරේ ජනවාරි පළමු වනදා සිට ඉවත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ, අනුව ඉදිරියේදී නිකුත් කරන නව අංක තහඩුවල ඉංග්‍රීසි අක්ෂරය මුද්‍රණය නොකරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කළේ.

එමෙන්ම නව ලියාපදිංචි කිරීමේ සහ දැනට පවතින අංක තහඩු සහිත වාහනවල ලියාපදිංචිය වෙනස් කිරීමේ සඳහා ගාස්තු ගෙවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙතෙක් පැවති ක්‍රමය යටතේ අදාළ වාහනය ලියාපදිංචි කෙරුණු පළාත ඉංග්‍රීසි අක්ෂර දෙකකින් දක්වා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !