ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් රිය අනතුරකට කලවා ඇති බව වාර්තා වනවා.
අනතුරින් ඔහු බරපතළ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අනතුරින් පසු ඔහුගේ මෝටර් රථය ගිනිගෙන විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
අද (30) අලුයම පාන්ට් නවදිල්ලිය බලා යමින් සිටියදී මෙම අනතුර සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.
පසුව ඔහු ප්‍රාදේශීය රෝහලකට ඇතුළත් කර ඇති අතර,අනතුරුව ඩෙහ්රාඩුන් හි පෞද්ගලික රෝහලකට ඔහුව මාරු කර යව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ රිෂාබ්ට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1



