ජනප්‍රිය රංගන ශිල්පිනියගේ මරණයට රංගන ශිල්පියෙක් අත්අඩංගුවේ

ඉන්දීය ජනප්‍රිය නිලි ටුනීෂා ෂර්මාගේ සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් තවත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ෂීසන් මොහොමඩ් ඛාන් නම් මෙම සැකකාර රංගන ශිල්පියා දින 4ක් පොලිස් භාරයේ රඳවා ප්‍රශ්න කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

මෙම සුරූපී රංගන ශිල්පිණියගේ සිය දිවි නසාගැනීමෙන් පසු ඇයගේ මව පොලිසියට පැමිණිල්ලක් කරමින් මෙම මරණයට රංගන ශිල්පියාට වගකිව යුතු බවට චෝදනා කර තිබුණා.

එමෙන්ම ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ද පැවති බවටයි මව සිදු කර ඇති පැමිණිල්ලේ සඳහන් වුයේ.

ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනී නිරූපණ ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් වන තුනීෂා ශර්මා (Tunisha Sharma) ඊයේ සියදිවි හානි කරගෙන තිබුණා.

ඒ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ Palghar දිස්ත්‍රික්කයේ දී කතා මාලාවක රූගත කිරීම් අතරතුරයි.

ගෙල වැලලාගෙන මියගොස් සිටියදී ජනප්‍රිය සුරූපී තරුණියගේ සිරුර සොයාගෙන තිබු අතර සියදිවි නසා ගැනීමට පැයකට පමණ පෙර ඇය වේශ නිරූපණ අංශයේ සිට ඡායාරූපයක් ද තම ඉන්ස්ටර්ග්‍රැම් ගිණුමට එක්කර ඇති බවයි විදෙස් මාධ්‍ය අනාවරණ කළේ.

ඇය දර්ශන තලයේ වොෂ් රූම් එකකට ගොස් බොහෝ වේලාවක් ගතවුව ද ආපසු නොපැමිණි බව සඳහන්.

පොලිසිය පැවසුවේ අනතුරුව ඇයගේ වේශ නිරූපණ කාමරයේ දොර විවෘත කර බලද්දී ඇය එහි ගෙල වැලලාගෙන සිටිනු දැක ඇති බවයි.

ටුනීෂා ශර්මාගේ 21 වන උපන්දිනය යෙදී ඇත්තේ ලබන ජනවාරි මස 04 වනදායි.

මෙම මරණය සම්බන්ධයෙන් ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ රංගන ශිල්පීන් මෙන්ම ශිල්පිණියන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සිය ශෝකය පළකර තිබෙනවා.

සියදිවි නසා ගැනීමට හේතුවක් මෙතෙක් හෙළිවී නැහැ.

Tunisha Sharma අභාවප්‍රාප්ත වූ පුවතින් පසු ඉන්දීය රුපවාහිනී ක්ෂේත්‍රය මුළුමනින්ම කැළඹීමට පත්ව ඇති අතර ඇය ෂීසන් ඛාන්ගේ වේශ නිරූපණ කාමරයේ එල්ලී සිටියදී සොයාගෙන තිබු බවටයි මේ වන විට හෙළිවී ඇත්තේ.

සිද්ධියට අදාළව රංගන ශිල්පියා අත්අඩංගුවට ගැනුන ද ඔහුට එරෙහිව මෙතෙක් කිසිදු සාක්ෂියක් අනාවරණ වී නොමැති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

සිද්ධියට අදාළ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි. අත්අඩංගුවට ගත් රංගන ශිල්පියාට නිවසින් සැකසූ ආහාර සහ ඔහුගේ ඖෂධ ගෙන්වා ගැනීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

ඒ ඔහු ඇදුම රෝගී තත්ත්වයට ඖෂධ ලබා ගනිමින් සිටින බවට ඔහුගේ නීතිඥවරුන් කරුණු දැක්වීම හේතුවෙන්.

මෙම රංගන ශිල්පියා සමග ටුනීෂා ෂර්මා පවත්වාගෙන ගිය ප්‍රේම සබඳතාව බිඳී යාම හේතුවෙන් ඇය සියදිවි නසා ගන්නට ඇතැයි ද මාධ්‍ය වාර්තා පල වනවා. මෙම දිවි නසා ගැනීමට දින 15කට පමණ පෙර ප්‍රේම සම්බන්ධතාව බිඳී ගොස් ඇති අතර ඒ හේතුවෙන් ඇය දැඩි මානසික පීඩනයකින් පසුවූ බවටයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20