සිංගප්පූරුවට ගිය ශිරන්ති රාජපක්ෂ මැලේසියාවේ සිට ලංකාවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විදෙස් ගතව සිට අද පෙරවරුවේ (06) දිවයිනට පැමිණියා.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂ පසුගිය 16 වැනිදා සිංගප්පූරු බලා පිටත්ව ගියා.

ශිරන්ති රාජපක්ෂ සමඟ, සිය පුත් රෝහිත රාජපක්ෂගේ නැන්දම්මා වූ ඈන් ද ලිවේරා ද මෙරටට පැමිණියා.

ශිරන්ති රාජපක්ෂ ඊයේ (05) දින රාත්‍රී 11.20ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

විදෙස් ගතව සිට පැමිණෙන තමන්ව අද දිනයේ දී අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ද ශිරන්ති රාජපක්ෂ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අපේක්ෂිත ඇප අයදුම්පතක් ද ඉදිරිපත් කරනු ලැබුවා.