අයිස් මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ මහින්ද කහඳගම CCIBයට

කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (05) රාත්‍රීයේ මිරිහාන ප්‍රදේශයේ අවන්හලක් අසල දී මහින්ද කහඳගම සහ තවත් අයෙක් මෙලෙස මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුවන් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.