මහ මැදුරටත්, දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබාදීම අරමුණයි – ජනපතිගේ නත්තල් දින පණිවුඩය

උදා වූ නත්තල වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබපැතුම් එක්කර තිබෙනවා.

ඒ, විශේෂ නත්තල් දින පණිවුඩයක් නිකුත් කරමින්.

ජනාධිපතිවරයා නිකුත් කළ නත්තල් දින පණිවුඩය,

“සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන, රුදුරු අඳුර පරදාලන සත්‍ය ආලෝකයාණන්ගේ පැමිණීම නොහොත් ආගමනය නත්තලයි. එය දිළින්දන්, වහලුන්, පීඩිතයින් මුදාලන විමුක්තිදායක සුපුවතේ රාවය නඟන ආනන්දජනක මංගල්‍යයකි.

බෙත්ලෙහෙමේ දිළිඳු ගව ලෙනක උපන් යේසු බිලිඳා යථාර්ථවාදීව ලෝකය දෙස බැලීමට සිය උපතේ පටන්ම ආදර්ශයක් ගෙන දුන්නේය. උන්වහන්සේ මුළු දිවියම කැප කළේ සමාජයේ පීඩාවට පත් ජනතාව ඉන් මුදාගෙන යහපත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසාය.

ලාංකේය වත්මන් සමාජ හා ආර්ථික අර්බුද හමුවේ විමුක්තිදායක කිතු උපතේ යථාර්ථයට සමීප වෙමින්, මනුෂ්‍ය වර්ගයා එකිනෙකා කෙරෙහි දයානුකම්පාවෙන් හා ප්‍රේමයෙන් ජීවත්වීම සහ සමාජය තුළ පීඩිතව දිවි ගෙවන සහෝදර ජනතාවට පිහිටවීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දැක්විය හැකි උපහාරයයි.

“වියදම් අඩුකර, නිහතමානී නත්තලක් සමරමු, ඉතිරි කරන දේ දුක්විඳින ජනයාට ලබා දෙමු” යනුවෙන් සුදතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ද අප සැමට ඇරයුම් කරමින් මනුෂ්‍යත්වයේ වටිනාකම කියා දෙයි.

මහ මැදුරටත්, දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබාදීම අප රජයේ ඉලක්කය වන අතර සැමට ප්‍රේමය පතුරන මනුෂ්‍යත්වය බෙදා දෙන පුරවැසියන් ලෙස සාමාජීය වගකීම ඉටු කිරීමට ද මේ නත්තල් සමයේ සියලුදෙනා අදිටන් කරගත යුතුය.

කිතු සමිඳුන්ගේ අසිරිමත් උපතේ බල මහිමයෙන් අප දේශය සුවපත් කරන, නිවහල් වන ඉදිරි දශකයට දොරගුළු විවර වේවා ! යි ප්‍රාර්ථනය කරන අතර උන්වහන්සේ පැතූ මනුෂ්‍යත්වය, සහජීවනය, පරිත්‍යාගය පිළිබඳ ශුභාරංචිය සිව්දිග පැතිරෙන ප්‍රීතිමත් නත්තලක් වේවා ! යි ශුභාශිංසනය කරමි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03
Video thumbnail
ලතා අම්මාට සමුදෙන්න ටීචර් අම්මත් එයි
01:49


?