මහ මැදුරටත්, දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබාදීම අරමුණයි – ජනපතිගේ නත්තල් දින පණිවුඩය

උදා වූ නත්තල වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබපැතුම් එක්කර තිබෙනවා.

ඒ, විශේෂ නත්තල් දින පණිවුඩයක් නිකුත් කරමින්.

ජනාධිපතිවරයා නිකුත් කළ නත්තල් දින පණිවුඩය,

“සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන, රුදුරු අඳුර පරදාලන සත්‍ය ආලෝකයාණන්ගේ පැමිණීම නොහොත් ආගමනය නත්තලයි. එය දිළින්දන්, වහලුන්, පීඩිතයින් මුදාලන විමුක්තිදායක සුපුවතේ රාවය නඟන ආනන්දජනක මංගල්‍යයකි.

බෙත්ලෙහෙමේ දිළිඳු ගව ලෙනක උපන් යේසු බිලිඳා යථාර්ථවාදීව ලෝකය දෙස බැලීමට සිය උපතේ පටන්ම ආදර්ශයක් ගෙන දුන්නේය. උන්වහන්සේ මුළු දිවියම කැප කළේ සමාජයේ පීඩාවට පත් ජනතාව ඉන් මුදාගෙන යහපත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසාය.

ලාංකේය වත්මන් සමාජ හා ආර්ථික අර්බුද හමුවේ විමුක්තිදායක කිතු උපතේ යථාර්ථයට සමීප වෙමින්, මනුෂ්‍ය වර්ගයා එකිනෙකා කෙරෙහි දයානුකම්පාවෙන් හා ප්‍රේමයෙන් ජීවත්වීම සහ සමාජය තුළ පීඩිතව දිවි ගෙවන සහෝදර ජනතාවට පිහිටවීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දැක්විය හැකි උපහාරයයි.

“වියදම් අඩුකර, නිහතමානී නත්තලක් සමරමු, ඉතිරි කරන දේ දුක්විඳින ජනයාට ලබා දෙමු” යනුවෙන් සුදතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ද අප සැමට ඇරයුම් කරමින් මනුෂ්‍යත්වයේ වටිනාකම කියා දෙයි.

මහ මැදුරටත්, දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබාදීම අප රජයේ ඉලක්කය වන අතර සැමට ප්‍රේමය පතුරන මනුෂ්‍යත්වය බෙදා දෙන පුරවැසියන් ලෙස සාමාජීය වගකීම ඉටු කිරීමට ද මේ නත්තල් සමයේ සියලුදෙනා අදිටන් කරගත යුතුය.

කිතු සමිඳුන්ගේ අසිරිමත් උපතේ බල මහිමයෙන් අප දේශය සුවපත් කරන, නිවහල් වන ඉදිරි දශකයට දොරගුළු විවර වේවා ! යි ප්‍රාර්ථනය කරන අතර උන්වහන්සේ පැතූ මනුෂ්‍යත්වය, සහජීවනය, පරිත්‍යාගය පිළිබඳ ශුභාරංචිය සිව්දිග පැතිරෙන ප්‍රීතිමත් නත්තලක් වේවා ! යි ශුභාශිංසනය කරමි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල ප්‍රකාශය - අභියෝගාත්මක තත්ත්වයකට විනිශ්චකාරවරුන් මුහුණ දෙන්නේ
11:48
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32
Video thumbnail
අලුත්ගම දර්ගා හී නැතිවූ මැකෝ ගිරවාව විමර්ශනයකින් පසු සොයාගයි - හොර ඩබලගේ කෙරුවාව එළියට
04:05
Video thumbnail
මිනිහෙක් පොහොට්ටුවෙන් ඇවිත් දැන් ආණ්ඩුව එක්ක ඩීල් දානවා - මුන්ට වඩා මොළේ තියෙනවා බූ#වන්ට
05:36
Video thumbnail
ශරීරය ලස්සන කරගන්න ගන්නා ද්‍රව්‍ය නිසා වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් - ඇයි අමාරුවේ වැටෙන්නේ ?
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41