මඩකලපුවේ ජීවත්වෙන මුස්ලිම් ජනතාවට පරිපාලන නිලධාරීන් විසින් දැඩි අසාධාරණයක් සිදුවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හබීබ් රිෆාන් චෝදනා කරනවා.
අද (04) පැවැති පාර්ලිමේන්තු සැසියේ අදහස් දක්වමින් හබීබ් රිෆාන් තවදුරටත් පවසන්නේ, මඩකලපුවේ මුස්ලිම් ජනතාව වෙත පරිපාලන, ඉඩම් බෙදාදීම් ඇතුළු සියළු අංශවලින් දැඩි අසාධාරණයක් සිදුවන බවයි.
එමෙන්ම පසුගිය 2011 වසරේ සීමා නිර්ණය කටයුතු විසින් පත්කළ පනම්බලන කොමිසම විසින් ශ්‍රී ලංකාවේ අලුතින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 08ක් පිහිටුවන්නට යෝජනා කර තිබුණු බවට හබීබ් රිෆාන් ප්‍රකාශ කරනවා.
එයින් දෙකක් මඩකලපුවේ මුස්ලිම් ජනතාව ජීවත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව පිහිටුවීමට යෝජනා කර තිබුණු අතර, අනෙකුත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හයම පිහිටුවා තිබෙනව බවත් මන්ත්‍රීවරයා පවසනවා.
නමුත් මඩකලපුවේ මුස්ලිම් ප්‍රදේශය සදහ යෝජනා කෙරුණු කෝරලේ පත්තු මධ්‍යම හා කෝරලේ පත්තු දකුණ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දෙක තවම පිහිටුවලා නැති අතර, පිහිටුවන්නට නැගෙනහිර පරිපාලන නිලධාරීන් ඉඩ දෙන්නේ නොමැති බවට ඔහු ප්‍රකාශ කරනවා.
ඒ වගේම යුද්ධයට පෙර මුස්ලිම්වරුන් පදිංචිවෙලා හිටිය, යුද්ධය හේතුවෙන් අවතැන්වු මුස්ලිම්වරුන්ට අයත් ගම්මාන පහලොවක් පමණ මේ වනවිට අහිමිවෙලා තිබෙන බවටත්, යුද්ධය අවසන්වෙලා වසර 16ක් ගතවෙලා තිබුණාද මේ දක්වා එම ප්‍රදේශවලට ගොස් නැවත පදිංචිවීමේ අවස්ථාව මුස්ලිම්වරුන්ට නොලැබෙන අතර, නිලධාරීන්ගේ සහයෝගයෙන් වෙනත් පිරිස් එහි පදිංචිවෙලා සිටින බවටත් ඔහු චෝදනා කරනවා.
මඩකලපුවේ මුස්ලිම්වරුන් යනු ඉතා කුඩා භුමි ප්‍රදේශයක දහස් ගණන් ජනතා ජීවත්විය යුතු වාතාවරණයකට මුහුණ දෙමින් සිටින බවටත්, දිස්ත්‍රික් ජන අනුපාතය අනුව සීයට 20% ක ප්‍රතිශතයක් ඇති මුස්ලිම් ජනතාවට 4%කටත් වඩා අඩු ඉඩම් ප්‍රතිශතයක් පමණක් ලැබි ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
මඩකලපුවේ පමණක් නොව ත්‍රී-මලේ, අම්පාර වැනි නැගෙනහිර දිස්ත්‍රික්කවලත් මුස්ලිම් ජනතාව තම ගොවිතැන් ඉඩම්, පදිංචි ඉඩම් අහිමිව දුක් විඳින බවටත් ඔහු සඳහන් කරනවා.
ඒ නිසා රජය මේ සම්බන්ධයෙන් නිසි අවධානය යොමුකර සාධාරණයක් ඉටුකර දිය යුතු බවටත් හබීබ් රිෆාන් මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.
