ඩයනාගේ පෙත්සමට සජිත් – රංජිත් අධිකරණයට කැඳවයි

සමගි ජනබලවේගයේ සභාපති සජිත් ප්‍රේමදාසට සහ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට අද (09) අධිකරණය මඟින් නොතීසි නිකුත් කෙරුණා.

ඒ, ලබන ජනවාරි 25 වැනිදා කොළඹ දිසා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වමින්.

ඔවුන් විසින් එම තනතුරු දැරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

පෙත්සම්කාර රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අදාළ පෙත්සමෙන් කියා සිටින්නේ සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව පිටස්තර පක්ෂයක සාමාජිකත්වය දරණ පුද්ගලයෙකුට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය දැරිය නොහැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?