අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියා අත්අඩංගුවට

රුපියල් 20,000ක අල්ලසක් ලබාගත් බවට සැකපිට හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරිවරයා අල්ලස් හා දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද (06) දවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරොව්පොතාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් අල්ලස් හා දූෂණ විමර්ශන අංශයට සිදුකළ පැමිණිල්ලකට අනුවයි මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අදාළ ව්‍යාපාරිකයාගේ බිරිඳට අයත් ගොඩනැගිල්ලක පරිසර හා ආරක්ෂණ බලපත්‍රය ලබාදීමට සැකකාර තාක්ෂණ නිලධාරියා රුපියල් විසිදහසක අල්ලසක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව එම මුදල ලබාගැනීමට යාමේදීයි මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?